IMG-LOGO

විපක්ෂ නායකට කඩේ යන්න කියයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සහල් මිල ගැන තොරතුරු නොදන්නා හෙයින් කඩේට ගිහින් හාල් මිල හරියට දැනගන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

බාස්මතී කීරි සම්බා ගැන හිතලා අනෙක් හාල් ගැන කතා කරන්න එපා යැයිද  අමරවීර මහතා විපක්ෂ  නායකවරයාගෙන්  ඉල්ලා සිටියේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මහින්ද අමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

ඔබතුමා වැඩි කාලයක් හම්බන්තොට හිටියා. හාල් විකිණෙන්නේ 220 ට කියලා  ඔබතුමා කිව්වා. මම හිතන්නේ ඔබතුමා ළඟකදී කඩේට ගිහිල්ලා නැහැ. අන්න ලුණුගම්වෙහෙර පැත්තේ 125යි කියලා මුට්ට ගහලා තියෙනවා. විපක්ෂ නායක නායකධූරයේ  කටයුතු කරපු හැමෝම කඩ පොළේ  ගියා. ගිහිල්ලා  මිල ගණන් සොයා ගන්නවා. ඔබතුමාත් යන්න. කවුරු හරි කියන දේවල් මෙතන කියන්න එපා.  බාස්මතී කීරි සම්බා ගැන හිතලා කතා කරන්න එපා. මේ රටේ බහුතර ජනතාවක් කන්නේ නාඩු සහ කැකුලු සහල්. ඒවා 200ට වඩා වැඩියෙන් විකිණෙන්නේ නැහැ.

එම්.ඕ.පී පොහොර හිඟයක් නැහැ. කවුරුහරි දෙන්නෙ නැත්නම් මං ඒ නිලධාරින්ට  විරුද්ධව කටයුතු කරනවා. පොළොන්නරුවේ යූරියාවල  පොඩි ප්‍රශ්නයක් තිබුණා. රට පුරාම යූරියා යනවා.  මඩ පොහොර ටික නොමිලේ දෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා එම්.ඕ.පී පොහොර තියෙනවා. සමහර නිලධාරීන් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න පොහොර හිඟ ඇති කරනවා. එවැනි නිලධාරීන්ට එරෙහිව කටයුතු කරනවා.



අදහස් (3)

විපක්ෂ නායකට කඩේ යන්න කියයි

fairoos Tuesday, 20 June 2023 01:08 PM

කියනකෙනත් පොඩ්ඩක් කඩෙ ගියොත් හොඳයි ..120 හාල් තියන්නෙ ලුනුගම්වෙහර විතරක් වෙන්ඩ ඔන.

:       2       7

සුනෙත් හේමන්ත Tuesday, 20 June 2023 01:24 PM

කොහෙද මනුස්සයෝ 125 ට හාල් දෙන්නෙ. හැමතැනම නාඩු දෙන්නෙ 210 යි, කැකුළු 210. මිනිස්සු අන්දන්න එපා.

:       2       7

සල්ලි Tuesday, 20 June 2023 05:44 PM

මෙන්න තවත් දේශපාලන පචයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 467 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 633 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site