පාසල් බස්රථ ගාස්තු අඩුවෙයි ඉන්ධන මිළ අඩු කිරීමට සාපේක්ෂව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 02 May 2023
ජාතික වෙසක් සතිය ඇරඹෙයි ජාතික වෙසක් සතිය අද (2) සිට මේ මස 8 වැනිදා දක්වා පැවැත්වෙන බවත් වෙසක් සතියට සමගාමීව රට පුරා ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙන බවත් බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 02 May 2023
‘එක්ස්ප්‍රස් පර්ල්’ වන්දි වංචාව සුරංගනා කථාවක්ද? ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමෙන් ශ්‍රී ලංකා වූ හානියට වන්දි ගැනීමට නඩු පැවරීම වැලැක්වීමට දුන්නේ යැයි කියන මහා පරිමාණ අල්ලස රුපියල් කෝටි 8000 ශ්‍රී ලංකාවේ වාර්ෂික සෞඛ්‍ය වියදමට සමාන බවත් එවැනි විශාල මුදලක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ඇති බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය. 02 May 2023
ලක්ෂ 25ට ගජ මුතුව විකුණන්න බැරිවෙයි රුපියල් ලක්ෂ 25 කට විකිණීම සඳහා රැගෙන ගිය බව කියන ගජමුතුවක් සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි . 02 May 2023
ඡන්දෙට මැදි වී පැන්නු අය යළි ගෙන්නයි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ඇති පුද්ගලයන්ගේ ළඟම ඥාතීන් වන රාජ්‍ය සේවක සේවිකාවන්ද එම කාරණය සැලකිල්ලට ගෙන වෙනත් ප්‍රදේශවලට මාරු කර ඇත්නම් යළිත් මුලින් වැඩ කළ ස්ථානයට පැමිණ රාජකාරි ආරම්භ කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේය. 02 May 2023
ලොරි - බස් ගැටී අටක් රෝහලට මාරවිල මූදුකටුව ප්‍රදේශයෙ දී අද අලුයම මගී ප්‍රවාහන බස් රථයක් හා ලොරි රථයක් ගැටි අට දෙනකු තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මාරවිල මුලස්ථාන පොලිසිය පවසයි. 02 May 2023
අලුත් මනමාලයාට පරණ පෙම්වතියගෙන් පිහි පහර අලුත විවාහ වූ තරුණයෙකු ඔහුගේ පරණ පෙම්වතිය බව කියන තරුණියක සමඟ මැදවච්චි ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ සිටියදී ඊයේ (1) සවස දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මුල්කරගෙන තරුණයා කැපුම් තුවාල ලබා ඇති අතර තරුණිය ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් ලබා ගැනීම නිසාරෝගාතුරව දෙදෙනාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව මැදවච්චිය පොලිසිය පවසයි . 02 May 2023
ගල්ගමුව තැපැල් කාර්යාලය කඩලා ගල්ගමුව ප්‍රධාන තැපැල් කාර්යාලයට ඊයේ රාත්‍රී ඇතුළු වු පුද්ගලයකු හෝ පිරිසක් එහි සේප්පුව කඩා රුපියල් ලක්ෂ දාසයක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි. 02 May 2023
ජන දුකට කන් දෙන්න සිරිකොත දොර අරියි ජනතා ප්‍රශ්න පිළිබඳව දැනුවත් වී ඊට විසඳුම් ලබාදෙන මහජන හමුව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණි. 02 May 2023
කතුන් දෙකක් රෝද තුනේ රියදුරු පැහැරගනී වවුනියාව ප්‍රදේශයේ ත්‍රි රෝද රථ රියදුරකු පැහැරගෙනගොස් යාපනය කෝපායි හි නිවසක රඳවා වද හිංසා කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු 11 දෙනකු අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි. 02 May 2023
ඇඹිලිපිටියට-සෙවනගලට ඩොලර් ඉල්ලමක් ඇඹිලිපිටිය හා සෙවණගල ප්‍රදේශ දෙක ආශ්‍රිතව අපනයනය ඉලක්ක කර ගත් කෙසෙල් සැකසුම් කළාප දෙකක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 02 May 2023
පිස්සෙක් බුදු පිළිමයක් පොළොවේ ගහලා මුලතිව් කෝකිලායි මෝය ප්‍රදේශයේ ඉදිකොට තිබූ කුඩා බුදුමැදුරකට හා බුදු පිළිමයකට හානිකළ අයෙක් අත්අඩංගුවට ගත් බවට කෝකිලායි පොලීසිය පවසයි. 02 May 2023
රෝහල්වාට්ටුවේ ඝාතනයට දෙකක් සැකපිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කපා කොටා ඝාතනයට ලක්වූ පුද්ගලයාට, ඊට දින දෙකකට පෙර පහරදී තුවාල සිදු කළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසයි, 02 May 2023
ගම්පහ ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක් මෙරටින් තුරන්ව පැවති ලාදුරු රෝගය යළි ව්‍යාප්ත වන තත්ත්වයක් පවතින බවත් මෙම වසරේ මුල් මාස තුන තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 42 දෙනෙකු වාර්තාවී ඇති බැවින් ජනතා අවධානය යොමු වියයුතු බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 02 May 2023
ලිට්‍රො ගෑස් ගණන් බස්සයි ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල මෙම සතිය තුළ රුපියල් 100කින් පමණ පහත දමන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 02 May 2023
මෙරට ආගමික නිදහස අහිමිවෙලා ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පසුගිය වසරේ පිරිහීමට ලක්වීම හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ ඇමෙරිකානු කොමිසම සිය 2023 වාර්ෂික වාර්තාවෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත. 02 May 2023
මඟ වැරදුණු බසය ඇළ දිගේ යයි මිරිස්වත්ත - වතුරුගම මාර්ගයේ ඉදුරුගල්ල , මහවල බෝක්කුව අසලින් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව ඇත. 02 May 2023
කොමිෂන් පත් කිරීම මේ සතියේ අවසන් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සියල්ල සඳහා සාමාජිකයන් පත් කිරීම ඉදිරි සතියේදී අවසන් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 02 May 2023
පොලීසියේ දෙදෙනාට පහරදුන් නාවික භටයා අත්අඩංගුවට පොලිස් අණ නොතකා ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් නවතා පරික්ෂා කිරීමේදී මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ආරක්ෂක හිස් වැසුම් වලින් පහර දී තුවාල කළ නවික හමුදා භටයෙකු ඇතුළු දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව සිදුව පොලිසිය කියයි 02 May 2023
වේදිකාවට ගොඩ වූ රාළහාමිට රාජකාරිය අමතක වෙලා කැලණිය බියගම පාර පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර ගායකයෙකුගේ ගීතයකට පොලිස් නිළ ඇදුමෙන් වේදිකාව මතට නැග රංගනයක නිරත වීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු වැඩ තහනමකට ලක් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 02 May 2023
සූරියකන්ද-දෙනියාය මාර්ගයේ ගමනාගමනය නවතී පසුගිය දින කිහිපය තුල ඇදහැලුන මහවැසි නිසා රත්නපුර මාදම්පේ හන්දිය හරහා ගාල්ල දක්වා දිවෙන ඒ 17 මාර්ගයේ කිලෝමීටර් 100 සහ 101 අතර නෑදොළ, කීනතැන්න ප්‍රදේශයේ දී මාර්ගයට පස් කන්දක් කඩා වැටී විශාල ගලක් පෙරළීමෙන් අද (02) සිට ගමනාගමනය ඇණහිට ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 02 May 2023
රිය අනතුරින් තිදරු පියා මරුට නිට්ටඹුව වේයන්ගොඩ මාර්ගයේදී අද (02) උදෑසන ලොරියක් නිට්ටඹුව විද්‍යානන්ද විහාරස්ථානයේ ආසන්නයේ දී පදික මාරුවේදී තිදරු පියෙකුගේ (75) හැපීමෙන් බරපතල තුවාල ලැබූ තිදරු පියා මිය ගොස් ඇති බව නිට්ටඹුව පොලිසියේ රථ වාහන අංශය පවසයි. 02 May 2023
‘‘දූෂිතයන් රකින ආණ්ඩුව පලවා හරිනවා‘‘ හොර දූෂිත කොල්ලකරුවන් රකින රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව පලවා හැරීමේ ජාතික විප්ලවය ක්‍රියාත්මක කිරීමේ වගකීම තමන් ඇතුළු සමගි ජන බලවේගය බාර ගන්නා බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේ අද (1) පැවැති මැයි දින රැළියේදී ප්‍රකාශ කළේය. 02 May 2023
මෙන්න අද වහින තැන් අද සවස 2.00 පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහති වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 May 2023
කුඩු අංජු රැක ගන්න ප්‍රංශ පෙම්වතිය වලි කයි ප්‍රංශ පොලිසිය අත්අඩංගුවට ගත් රත්මලානේ කුඩු අංජු නැමැත්තා මෙරටට පිටුවහල් කිරීමෙන් වළක්වා ගැනීමට ඔහුගේ අනියම් බිරිඳ බව කියන ප්‍රංශ ජාතික සුරූපිනිය නීතිඥ මණ්ඩලයකගේ සහය පතා ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි මෙරට බුද්ධි අංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 02 May 2023
මහවැලියේ මහා ඉඩම් කොල්ලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කලාපයේ තඹුත්තේගම, නොච්චියාගම හා ගල්නෑව නගරවල පිහිටි රජයේ වටිනා ඉඩම් මහවැලි අධිකාරිය හරහා දේශපාලන හිතවතුන් හා මහවැලි නිලධාරීන් අතරේ රහසිගතව බෙදා දෙමින් පවතින බව වාර්තා වේ. 02 May 2023
අත්තනගල්ල පන්සලට හොරු පැනලා අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරය කඩා, එහි තැන්පත් කර තිබූ ධාතන් වහන්සේලා, පෞරාණික වටිනාකමක් ඇති බවට සැලකෙන බුදු පිළිම දෙකක් සහ කුඩා කරඬු කිහිපයක් කිසිවකු විසින් සොරාගනු ලැබ ඇති බවට අද (1) පැමිණිල්ලක් ලැබුණු බව අත්තනගල්ල පොලීසිය පවසයි. 02 May 2023
රැළිවලට හසුවී ඡන්දය දුන්නොත් ප්‍රතිඵල භයානකයි රැළිවලට හසුවෙලා ඡන්ද දෙන විට එහි ප්‍රතිඵලය ජනතාව මතකයේ තබාගත යුතු බවත් දැන් තාවකාලික සතුටක් ලැබෙන්නේ ණය නොගෙවන නිසා බවත් ‘43 වැනි සේනාංකයේ’ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 02 May 2023
කටාන හිටපු සභාපතිගේ ඝාතකයා වස බීලා කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයකු වස පානය කර වරකාපොළ රෝහලට ඉකුත් 29 වැනිදා රාත්‍රී ඇතුළත් කර ඇතැයි වරකාපොළ පොලිසිය පැවසීය. 02 May 2023
මෙරට වෛද්‍ය සිසුවා බෙලරුසියාවේදී මරුට බෙලරුසියාවේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවකු එහි ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමරයක් තුළ අබිරහස් ලෙස මියගොස් සිටිය දී ඉකුත් සෙනසුරාදා (29) සිරුර සොයා ගෙන ඇත. 01 May 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026