(මනෝප්‍රිය ගුණසේකර)
සුදුවෑන් රථයකින් පැමිණි පිරිසක් තමා පැහැරගෙන ගොස් ලිංගික අතවර කොට ගිනි අවි පෙන්වා තර්ජනය කළ බවට රහස් පොලිසියට අසත්‍ය ප්‍රකාශයක් කළ බවට ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් මහත්මියට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුල මස 06 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා තීරණය කළේය.
විත්තිකාර ගානියා බැරිස්ටර් මහත්මියට ස්විසර්ලන්තයට ගොස් ප්‍රතිකාර ලබාගෙන යළි පැමිණීමට ඉඩදෙන්නැයි ඇගේ නීතීඥවරයා කළ ඉල්ලීමට පැමිණීල්ල වෙනවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විරුද්ධත්වය පළ කිරීම හේතූවෙන් ඒ පිළිබඳ නියෝගයද එදින ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා දැනුම් දුන්නේය.
විත්තිකාරියට එරෙහිව නඩුව පැවරූ අවස්ථාවේදී එම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මුලික විරෝධතාවයක් මතු කළ අතර ඒ සම්බන්ධයෙන් කළ නියෝගයට අනුව විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය.
2019 නොවැම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී රජයේ නිලධාරියකු වු රහස් පොලිස් නිලධාරියකුට අසත්‍ය ප්‍රකාශයක් කරන ලදැයි විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
චෝදනාවට අදාළ 2019 නොවැම්බර් මස 11 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කුරුඳුවත්ත පොලිස් වසමේ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමය අසළදී සුදුවෑන් රථයකින් පැමිණි පස්දෙනකුගෙන් යුත් පිරිසක් බලහත්කාරයෙන් තමා පැහැරගෙන ගොස් රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතාට වීසා ලබාදීම පිළිබඳව ප්‍රශ්න කොට පසුව මුදා හළ බවට ඇය රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇතැයි නීතීපතිවරයා අධිචෝදනා පත්‍රය සමඟ අධිකරණයට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට නිශාන්ත සිල්වා මහතාව හොයාගන්න පුළුවන් වුණාද? නන්දසේනගේ නාඩගමේ කොටසක්...