ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණය ලබන 3 වැනිදා පැවැත්වෙයි. මැතිවරණයට පෙර සිට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇමෙරිකන් පුරවැසියන්ට ඉඩ සලසා දී තිබුණු බැවින් මේ වනවිට මිලියන 43 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇත.

ඒ අතරේ, ශුද්ධෝත්තම ලියෝ පාප්තුමා ද සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

14 වැනි ලියෝ පාප්තුමා ලෙස පාප් ධුරයට පත්වී සිටින්නේ රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට්ය. ලියෝ පාප්තුමා උපතින් ඇමෙරිකානුවෙකි. පාප් ධුරයට ඇමෙරිකානුවකු තේරී පත්ව සිටින පළමු අවස්ථාව මෙයයි.

එපමණක් නොව, පාප්තුමකු, ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කළ පළමු අවස්ථාව වන්නේ ද මෙය යැයි වතිකානය පවසයි.