(යොහාන් භාසුර)
උතුරු සහ නැගෙනහිර වෙහෙර විහාරවල අයිතිය පිළිබඳව විධිමත් සැලැස්මක් නිකාය මූලස්ථානය සමඟ සාකච්ඡා කර සකස් කළ යුතු බව පුරාවිද්‍ය චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ මහා නායක හිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළහ.
උතුරු නැගෙනහිර වැඳගත් නටබුන් ඇති ස්ථාන ශික්ෂුන් වහන්සේලා තනි තනිව අයිතිය වෙනුවෙන් අත්තනෝමතිකව කටයුතු කිරීමෙන් ගැටලු ඇති වන බව ලිපියක් යවමින් මේ බව මහානායක ස්වාමීන්වහන්සේ දැනුවත් කර ඇත.
හිතුමනාපයට කටයුතු කිරීමෙන් පුරා වස්තු විනාශ වනවාක් මෙන්ම භික්ෂූන් වහන්සේ අතර විරුද්ධවාදීකම් ඇති වන බව කියන එල්ලාවල මෙධානන්ද නාහිමියෝ එම ස්ථාන මහානායක ස්වාමීන්වහන්සේගේ අනුදැනුම සහ නියාමනය ඇති පාලනයක් ඇති කළ යුතු බවද සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ විනාශ වන පුරාවිද්‍යා ස්ථාන ගැන වේදනාවක් මහානායක හාමුදුරුවන් ට නෑ. ඒ ගැන සමස්ත බෞද්ධයන් අතර මහානායක වරුන් ගැන පිළිකුලක් තියෙනවා. එල්ලාවල නායක හාමුදුරුවන් මේ රටට කල මෙහෙයට බෞද්ධයන් ගේ නමස්කාරය.
ඔය ගමන්ම රටේ බෞද්ධ ජනතාවටත් ලියන්න. අපි සුදානම් අපේ අයිතින් රැකගන්න ඉදිරියට එන්න. අපිට ජෙප්පෝ, සජබයෝ, පොහොට්ටුවෝ, එජාපයෝ කියලා වෙනසක් ආගම වෙනුවෙන් නැහැ
හාමුදුරුවනේ.... මේක උතුරු නැගෙනහිර විතරක් නෙවෙයි ලංකාව පුරාම කරන්න වෙනවා.
එල්ලාවල හාමුදුරුවනේ ! එක්තරා කාලයකට ඉස්සරල මුලු ශ්‍රී ලංංකාවම අයිති තමන්ගේ පවුලට යයි සිතා එක්තරා පැලැන්ට්තියක් රට පාලනය කල කාලයේ ඔය කියන විදිහටම යම් යම් කටයුතු සිද්ද වෙනකොට නෑසූ කනින් සිටි ඔබ වහන්සේලාට ඇත්තටම රට ජාතිය ආගම ගැන අවංංකවම කැක්කුමක් තියනවද කියන එක ගැන අපට නම් සැකයි හාමුදුරුවනේ. තරහ නොගන්ඩ අවසර.
සහතික ඇත්ත අපේ හාමුදුරුවනෙ , මේ වෙනුවෙන් අපි බෞඩ්ද අරමුදලක් හදමු. අපෙ මියගිය අය වෙනුවෙන් දෙන දිනවලදි රුපියල් 100ක් වගෙ මුදලක් පන්සල් හරහා එකතුකරමු. ඔබවහන්සෙගෙ මෙ කැපකිරිමට බොහොම පින්.