(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර සූදානමක් ලෙසින් හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී ‘මොහොමඩ් සහ්රාන්’ පැවැත් වූ අන්තවාදී දේශන සහ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ බව කියන සිද්ධියකට අදාළව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ විසිතුන් හැවිරිදි තරුණයකු නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඒ අනුව, මෙලෙස නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවල විවෘතවිශ්ව විද්‍යාලයේ පරිගණක පාඨමාලාවක් හදාරමින් සිටි ගම්පොළ වෙලම්බඩ පදිංචි අජ්මාල් සහීර් අබ්දුල්ලා නමැති 23 හැවිරිදි තරුණයෙකි.
මොහොමඩ් සහ්රාන් යන අය ඉකුත් 2018 වසරේ ජුලි මස 21 වැනිදා සහ 22 වැනිදා යන දෙදින තුළ හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී පවත්වනු ලැබූ අන්තවාදී දේශන සහ අවිපුහුණුව ඇතුළත් නේවාසික පුහුණු කඳවුරකට මෙම සැකකරු සභාගී වූ බවට දුරකතන දත්ත වාර්තා මගින් අනාවරණය කරගත් බවත් ඒ අනුව ඔහු අත්අඩංගුවට ගත් බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හම්බසෙට් එක තමයි අපිට නරකට හිටින්නේ දුටුතැන බොටුව මිරිකුවොත් හොඳයි.