(ඉන්දිකා රාමනායක, චන්ද්‍රසේන ගමගේ සහ සනත් ගමගේ)

වලස්මුල්ල මොදරවාන යහමුල්ල ප්‍රදේශයේ අද (21) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුලු තිදෙනකු තුවාල ලබා ඇති බව වලස්මුල්ල පොලිසිය පවසයි.

ජල නළ එලීමේ දී ඇති වූ  සිද්ධියක් හේතුවෙන් මෙම වෙඩි තැබීම  සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

මෙම වෙඩි තැබීම ෂොට්ගන් වර්ගයේ ගිනි අවියකින් සිදුකර ඇති බවත්, වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

තුවාලකරුවන් තිදෙනා වලස්මුල්ල රෝහල ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.