
(යොහාන් භාසුර)
ඉන්දියානු බලශක්ති සමාගමක් වන පෙට්‍රොනෙට් එල්.එන්.ජි සමාගම විදුලිබල මණ්ඩලයේ ද්‍රව ස්වභාවික වායු (එල්.එන්.ජී.) අවශ්‍යතාවය සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් පිළිබඳව සැලසුමක් ඉදිරිපත් කර බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
දිගුකාලීන ද්‍රව ස්වභාවික වායු විදුලි උත්පාදන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නා තෙක් විදුලිබල මණ්ඩලයට ඉදිරි මාස 24 වෙනුවෙන් මෙගාවොට් 600 ක ධාරිතාවක් ද්‍රව ස්වභාවික වායු ඔස්සේ ජනනය ආරම්භ කරමින් විදුලිබල උත්පාදන කිරීම මගින් වියදම අවම කර ගැනීම සිදු කල හැකි බව ද අමාත්‍යවරයා කීය.
එම සාකච්ඡාවට ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, ඉන්දියනු මහ කොමසාරිස් කාර්යාලයේ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ, විදුලිබල මණ්ඩලයේ, ඛණිජ තෙල් සංවර්ධන අධිකාරියේ සහ පෙට්‍රෝනෙට් එල්.එන්.ජි සමාගමේ නිලධාරීහූ මේ අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd