ජනපති ලන්ඩන් යයි තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (4)පෙරවරුවේ මහා බ්‍රිතාන්‍ය බලා පිටව ගියේය. 04 May 2023
සාමනේර හිමිවරුනට බිෂොප් සිසුවියෝ දන් දෙති උතුම් සම්බුදු තෙමගුල සමරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කොට මේ දිනවල පැවැත්වෙන බුද්ධරශ්මි ජාතික වෙසක් කලාපයට සමගාමීව සාමණේර හිමිවරුන් සියක් නමක් ගේ සහභාගිත්වයෙන් පිඬුසිඟා වැඩීමේ පින්කමක් අද (03)පෙරවරුවේ පැවැත්විය 03 May 2023
ඉන්දීය ගුවන් හමුදාවෙන් මෙරට ගුවන් හමුදාවට අවර පෙති මෙරට සංචාරයේ නිරත ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් විවේක් රාම් මහතා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහළ නැංවීම සඳහා ඇන්ටොනෝවි 32 වර්ගයේ ගුවන් යාන සදහා අවශ්‍ය අවරපෙ යුගල ද්විත්වයක් පිරි නැමු බව ගුවන් හමුදාව පවසයි. 03 May 2023
අගමැති රනිල්ගේ ගෙට ගිනි තැබුවැයි මන්ත්‍රී රංගාට ඇප අරගලය පැවැති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නැයි චෝදනා ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇපයක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා අද (03) නියෝග කළේය. 03 May 2023
මුහුණු පොතේ දැන්වීම් දමා කතුන් රවටා රිමාන්ඩ් වේ මුහුණු පොතේ දැන්වීමක් නිර්මාණය කර එහි ‘හඳහන් බලන බවට’ සඳහන් කරමින් කාන්තාවන් රවටා රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබාගත් බව කියන ජෝතිර්වේදියකු ලබන 08 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා බන්ධනාගාර අධිකාරියට අද (03) නියෝග කළේය. 03 May 2023
ඩෙංගු මඩින්න කාර්ය සාධක බලකායක් බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් අදාළ ආයතනවල සහ මහජනතාවගේ සහයෝගය ඇතිව ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්ය සාධක බලකාය යොදවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙි. 03 May 2023
පොලිස් බසයෙන් තෙල් ඇද්ද පී.සී මාට්ටු ගාල්ල පොලිසියේ බසයකින් ඉන්ධන ඇද්ද පොලිස් බස් රථයේ රියදුරු කොස්තාපල්වරයා ඩීසල් ඉන්ධන ලීටර් 11 ක් සමග අත්අඩංගුවට ගත් බව සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතා පවසයි. 03 May 2023
පුටින් ඝාතන තැත වළක්වා ගනී රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඝාතනය කිරීමට යුක්රේනය උත්සාහ කළ බව රුසියාව අද (03) චෝදනා කළේය. 03 May 2023
වියට්නාමයෙන් ඇවිත් ගංගාරාමය සරසයි කොළඹ, හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රෂ්මී’ වෙසක් කළාපයේ සැරසිලි කිරීමට වියට්නාම් ස්වාමීන්වහන්සේ සහ මෙහෙණීන් වහන්සේ දායකත්වය සපයන ආකාරය දැකගත හැකිවිය. 03 May 2023
පියාගේ ගිනි අවියෙන් පුතා සිසුන් අටක් මරලා සර්බියාවේ බෙල්ග්‍රේඩ් හි පාසලක 7 වසරේ ඉගෙනුම ලබන සිසුවකු සිදු කළ වෙඩි තැබීමකින් 9 දෙනකු මියගොස් තවත් 7 දෙනකු තුවාල ලබා ඇතැයි සර්බියා පොලිසිය ප්‍රකාශ කර ඇත. 03 May 2023
ව්‍යාජ ආලේපන තොගයක් පිටකොටුවෙන් අල්ලයි පාරිභෝගිකයන් නොමඟ යවමින් අළෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක පමණ වෙළෙඳපොල වටිනාකමින් යුත් දේශීය සහ විදේශීය රූපලාවණ්‍ය ආලේපන ඇතුළු නිෂ්පාදන විශාල තොගයක් පිටකොටුව කදිරේෂන් වීදියේ ගබඩාවක සහ වෙළඳසැලක තිබියදී අද (3) භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 03 May 2023
ඛනිජ තෙල් සමාගම නොදන්වා සැපයුම්කරු මාරු කරලා ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය ලැබූ සමාගම ශ්‍රී ලංකා ආණ්ඩුවේ අවසරකින් තොරව වෙනත් සමාගමකට බොරතෙල් සැපයීමේ අවස්ථාව දී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව එම දෙවැනි සමාගමෙන් බොරතෙල් ලබාගෙන ඇති බවත් ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති චෝදනා කරයි. 03 May 2023
ත්‍රිරෝදය දුම්රියේ ගැටී දෙකක් මරුට:හතරක් රෝහලට වැලිගම පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් හතරදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි. 03 May 2023
ගානියා බැරිස්ටර්ගේ චෝදනා සංශෝධනයට අවසර සුදුවෑන් රථයකින් පැමිණි පිරිසක් තමා පැහැරගෙන ගොස් ලිංගික අතවර කොට ගිනි අවි පෙන්වා තර්ජනය කළ බවට රහස් පොලිසියට අසත්‍ය ප්‍රකාශයක් කළ බවට ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් මහත්මියට එරෙහි අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නීතීපතිවරයාට අද අවසර දුන්නේය. 03 May 2023
නවගමුව ඕ.අයි.සීට වරෙන්තු නවගමුව පොලිස්ථානාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද වරෙන්තු නිකුත් කළේය. 03 May 2023
ලොව කුඩාම සමෙහි පිළිකාව හඳුනා ගනියි මෙතෙක් හඳුනාගත් ලොව කුඩාම සමෙහි පිළිකාව හඳුනාගැනීමට ඔරිගන් සෞඛ්‍ය සහ විද්‍යා විශ්ව විද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය ඇලෙක්සැන්ඩර් විට්කොව්ස්කි සමත්ව ඇත.පිළිකාව විශාලත්වය මිලිමීටර් 0.65 ක් බවත් මෙම පිළිකාව මෙලනෝමා නම් මාරාන්තික සමෙහි පිළිකා වර්ගයට අයත් බවත් වෛද්‍ය ඇලෙක්සැන්ඩර් විට්කොව්ස්කි ප්‍රකාශ කර තිබේ. 03 May 2023
සා.පෙළ සමතුන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව 2023 වසරේ ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (03)පැවැත්විණි. 03 May 2023
ප්‍රංශයේ සිට ආ මගියාගේ මල්ලේ සෙල්ලම් අවි දෙකක් ප්‍රංශයේ සිට පැමිණි ගුවන් මගියකුගේ ගමන් බෑගයක් තුළ රිවෝල්වරයකට සහ පිස්තෝලයකට සමාන අවි දෙකක් තිබී කටුනායක ගුවන් තොටුපළ පොලීසිය සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙක් පැවසීය . 03 May 2023
විදුලිය පෞද්ගලීකරණය නොකළ යුතුයි විදුලි බලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යැයි කියැවෙන සංකල්ප පත්‍රිකාවක් මේ දිනවල සමාජ අවකාශයේ ඇති බවත් එය අනාගත විදුලිබල පනත යැයි හදුන්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අද (3) පැවසීය. 03 May 2023
තත්ත්ව සහතික නැතුව බිත්තර ලක්ෂ 20ක් වරායේ හිරවෙයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 20 කට අධික ප්‍රමාණයක් තත්ව සහතිකය ප්‍රමාද වීම නිසා වරායේ සිරවී ඇති බව එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 May 2023
මුදල් කොමිසමටත් නව සාමාජිකයින් පත්කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත් කර තිබේ. 03 May 2023
හදාගන්න බැරි බබාලා බාර ගන්න කවුළුවක් මවුපියන් දරුවන් මහමග අතහැර යාමේ සිද්ධීන් හැටක් පසුගිය වසර හයේදී වාර්තාවී ඇතැයි පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එන්.අයි ලියනගේ මහතා පැවසීය. 03 May 2023
ජූලි මස විදුලි ගාස්තු සංශෝධනයක් ජනවාරි සහ ජූලි මාසවලදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට අනුව ලබන ජූලි මස විදුලි ගාස්තුව සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (3) පැවසීය. 03 May 2023
උසස්පෙළ පාසල් භාගයකම විද්‍යාව නෑ මෙරට උසස්පෙළ පන්ති සහිත පාසල් 2952 න් විද්‍යා විෂයයන් හැදෑරීමට අවස්ථාව ඇත්තේ පාසල් 1011 ක පමණක් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) හමුවේ පැවසීය. 03 May 2023
ගජමුතු ළඟ තබාගත් 2ක් මාට්ටු විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ නිලධාරීන් පොතුවිල් අල්කලාම් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් මිළ කළ නොහැකි ගජමුතු දෙකක් ළග තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 03 May 2023
ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් නොවන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් අද (3) පැවසීය. 03 May 2023
ලිට්රෝ ගෑස් මිල රුපියල් 100 කින් අඩු කරයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කළ බවත් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක නව මිල රුපියල් 3,638 ක් බවට පහත දැමූ බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පස්වරුවේ පැවසීය. 03 May 2023
මූල්‍ය ආධාර තවදුරටත් ඕනෑ ඩිජිටල්කරණය, කෘෂිකර්මාන්තය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර සඳහාත් ස්ථාවර මූල්‍ය අංශයක් ඇති කිරීම සඳහාත් ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය සහ මූල්‍ය ආධාර තවදුරටත් අවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතාට ප්‍රකාශ කර ඇත. 03 May 2023
මන්ත්‍රී ජයරත්න රිය අනතුරක: 6ක් රෝහලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ගමන් කළ ජීප් රථයක් වාරියපොල ප්‍රදේශයේ දී තවත් කුඩා ලොරි රථයක ගැටීමෙන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව වාරියපොල පොලිසිය කියයි. 03 May 2023
අයි.සී.සී නියෝජිත පිරිසක් ලබන සතියේ එති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) නියෝජිතයන් පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. 03 May 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026