
(නිමල් ජයරත්න)
පොළොන්නරුව මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ පැරණි නේවාසිකාගාර දෙකක ගබඩා කර තිබූ රුපියල් කෝටි ගණනක ඖෂධ වර්ග විනාශ කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
2017 වසරෙන් පසුව භාවිතයෙන් අත්හිටවූ සහ කල් ඉකුත් වූ ඖෂධ වසර 6 ක්ම එම නේවාසිකාගාර දෙකේ තැන්පත් ඇති බවට සෞඛ්‍ය අංශ වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම ඖෂධ තොගය විනාශ කිරීමට කටයුතු කර තිබේ.
රට ඖෂධ හිඟයකින් පීඩා විඳින වකවානුවක 2017 වසරේ මෙම ඖෂධ නිකුත් කිරීමට කටයුතු නොකිරිම හා ඒවා අත්හිටුවීමට පියවර ගැනීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බවද ප්‍රදේශවාසීහු පවසති,
මේ සම්බන්ධයෙන් මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය අසංක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය. විනාශ කරන ලද එම ඖෂධ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු රෝහල්වලින් 2017 වසරේදී කල් ඉකුත් වූ සහ නිකුත් කිරීම අත්හිටවූ ඖෂධ වර්ග.
මේ සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ සරත්චන්ද්‍ර කුමාර්වංශ මහතා ගෙන් කළ විමසීම්කදී මෙසේ සඳහන් කළේය, විනාශ කර ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වාර්ෂිකව සිදු කරන ඖෂධ සමීක්ෂණවලින් පසු විනාශ කිරීමට හෝ මධ්‍යම ආණ්ඩුවට භාර දියයුතු ඖෂධ තොගයක්.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව වාර්ෂිකව ඉවත් කරන ලද කල් ඉකුත්වූ සහ අත්හිටුවූ ඖෂධ එක් තැනක ගබඩා කරනවා ,එලෙස 2017 වසරේ සිට මේ දක්වා මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ පැරණි නේවාසිකාගාර දෙකක තැන්පත් කර තිබු කල් ඉකුත් වූ සහ නිකුත් කිරීම අත්හිටවූ ඖෂධ එලෙස විනාශ කිරීමට කටයුතු කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විවිධ හේතූන් නිසා ඉවත් කරන හෝ ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ මෙන්ම රෝගීන්ට ආසාත්මික භාවයක් ඇති වූ විට ඉවත් කරන ඖෂධ වර්ගද ඒ අතර තිබූ බව කුමාරවංශ මහතා වැඩිදුරටත් කීවේය.


2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලොන්නරුවේ ඖෂධ කල් ඉකුත් වුණේ කාගේ වරදින්ද