ජාතික ප්‍රසම්පාදන කොමිසම පත් කරයි ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ. 03 May 2023
හිඟුරක්ගොඩ ගුවන්තොට තරු පන්තියට හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන් තොටුපොළක් ලෙසට සංවර්ධන කිරීමට සැලසුම් කර ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 03 May 2023
සහනාධාර සල්ලිවලට ඕන තැනකින් පොහොර ගන්න රජයෙන් අවසර 2023 යල කන්නයේ දී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ගොවීන් කැමති පරිදි යූරියා හා බණ්ඩි පොහොර මිලදී ගැනීමේ අවස්ථාව සලසා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අද (03) දින තීරණය කළේය. 03 May 2023
තෙල් පෝලිම් හැඳුණු හේතුව විගණනය කියයි ආර්ථික අර්බුදකාරී තත්වය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව අලෙවි නියෝජිතයන් අතර බෙදාහැරිය යුතුව තිබු ඉන්ධන ලීටර් කෝටි 1.6ක් ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම විසින් බෙදා හැර නැති බවද එයින් දිගු පෝලිම් හා මහජන නොසන්සුන්කාරී තත්වයන් නිර්මාණය වූ බවද විගණන වාර්තාවකින් අනාවරණය වේ. 03 May 2023
ජාජබ පෙත්සම කල් යයි ජාතික ජන බලවේගය විසින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව ගොනු කරනු ලැබ ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජූනි 9 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(03) නියෝග කළේය. 03 May 2023
ලංකාවේ ඵලදායීතාව නංවන්න ඕස්ට්‍රේලියා සහය ලංකාවේ ඵලදායිතාවය නැංවීම සඳහා ඕස්ට්‍රේලියා ඵලදායිතා කොමිසමේ සහාය ලැබී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 03 May 2023
ජනාධිපති කාර්යාල වෙසක් කලාපය අද සිට කොළඹ ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් වැඩසටහන අද(3) සිට ඇරැඹෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. 03 May 2023
හකීම් පළමුව පුංචි ඡන්දය ඉල්ලයි දැන් මැතිවරණ සිතියම හකුලලා දමලා. සීමා නීර්ණය කොම්සමක් දමලා බොරුවට ඇදගෙන යනවා. මේ නිසා සුලු ජනකොටස්වල නියෝජනය අඩු වෙනවා යැයි රාවුෆ් හකීම් මහතා පවසයි. 03 May 2023
පිලිපීන කතගේ බෑගය සොරා ගනී සිව්දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් මෙරට සංචාරයක් සඳහා පැමිණි පීලීපීන ජාතික කාන්තාවකගේ බෑගයේ තිබූ රුපියල් 90,000.00,ඇමරිකානු ඩොලර් 100 සහ ඕස්ට්‍රේලියානු ඩොලර් 200 ක් ගාල්ල සමනල ක්‍රීඩාංගනය අසලදී කොල්ලකා පලාගොස් ඇතැයි ගාල්ල පොලීසිය කියයි. 03 May 2023
චීනගේ වත්තේ නිදන් ගන්න ගිහින් මාට්ටු කුඩා මැදවච්චිය චීනගේ වත්ත නමැති ප්‍රදේශයේ නිදන් ගොඩගැනීමට ගැනීමට කැණීම් සිදුකරමින් සිටි බව කියන ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයෝ දස දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 03 May 2023
5000 හොර නෝට්ටුව සමග හමුදා සෙබළා මාට්ටු රුපියල් පන්දහසේ හොර නෝට්ටුවක් ළඟ තබාගෙන සිටි බව කියන යුද හමුදා සෙබළෙක් මහව මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 03 May 2023
ෂාෆ්ටර්ගේ ඝාතනයේ පරීක්ෂණ තවත් පැත්තකට ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ හදීසි අනතුරු ඒකකයට ඇතුළත් කළ අවස්ථාවේ එහි සේවය කළ හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දස දෙනකුගේ ඩී. එන්. ඒ. වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා රජයේ රස පරික්ෂකවරයාට නියෝග කළේය. 03 May 2023
මන්ත්‍රී ජයරත්න හේරත්ගේ වාහනය අනතුරක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා ගමන් ගත් ඩිෆෙන්ඩර් ජීප් රථය වාරියපොල දී කුඩා ප්‍රමාණයේ ලොරි රථයක ගැටීමෙන් ලොරි රථයේ රියදුරා සහ එහි සිටි පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුළත් කර ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. 03 May 2023
රට පුරා වැස්ස දිගටම දිවයිනපුරා දැන පවතින වැසි තත්ත්වය ඉදිරි දිනවල අඛණ්ඩව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 May 2023
අමුබුළුවාව කැලෙන් නිරුවත් කතක් හමුවේ ගම්පොල, අම්බුළුවාව රක්ෂිතයෙ දින තුනක කාලයක් තිස්සේ සිට නිරුවතින් කෑකෝ ගසමින් සිටියේ යැයි කියන කාන්තාවක් ගම්පොල මූලස්ථාන පොලිසිය විසින් අද සොයා ගනු ලැබුවාය. 02 May 2023
කුඩු අංජුට ප්‍රංශයේ වයින් සමාගමක් රත්මලාන කුඩු අංජු නැමැත්තාට ප්‍රංශ වයින් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් සහ ඩුබායි රටේ වතුර බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් පවත්වා ගෙන යන අයකු බවට එම රටවලින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. 02 May 2023
මැංගුස් සටනේ දී ගුටි කෑ සිසුවා යළි රෝහලට ක්‍රිකට් තරගයක් අතරතුර දී ප්‍රහාරයට ලක්ව තුවාල ලබා සිටි සිසුවා අද රාත්‍රී ප්‍රතිකාර සඳහා නැවතත් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 02 May 2023
වඩිවේල් සුරේෂ් පිම්මකට සැරසෙයි සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා තවදුරටත් සමගි ජනබලවේගයේ ඉන්නවාද? නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 02 May 2023
ලී මඩුවට පැන හිමිකාරිය මරයි අතුරුගිරිය ගොඩගම පාරේ පිහිටි ලී මඩුවක් තුළදී තියුණු ආයුධයකින් ඇන එහි හිමිකාරිය ඝාතනය කොට තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදුකර ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි. 02 May 2023
ඉගෙන ගන්න රටගිය සරසවි ඇදුරෝ කෝටි 200 ක් පොලු තියලා උසස් අධ්‍යාපනය සදහා විදේශගතව යළි නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 02 May 2023
60 පැන්න හෙද නිලධාරීන් විශ්‍රාම යැවීම: අභියාචනාව සලකා බැලීම 9 දා වයස අවුරුදු 60 සම්පූර්ණ වූ හෙද නිලධාරීන් විශ්‍රාම ගැන්වීම ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති විශේෂ අභියාචන පෙත්සම මෙම මස 9 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 02 May 2023
එන්නතක් විද බිරිය ඝාතනය කරන්න හැදූ දොස්තර රිමාන්ඩ් සිය බිරිද සමග සියදිවි හානිකර ගැනීමට සැලසුම් කර ඇයට මුලින්ම ඖෂධය එන්නත් කර පසුව තමාද එය විඳ ගැනීමට උත්සාහ දැරුවත් ඒ අවස්ථාවේදී ඇති වූ අධික බිය නිසා එසේ නොකළ බව ඖෂධයක් එන්නත් කරමින් සිය බිරිඳ ඝාතනය කිරීමට තැත්කළ බව කියන ත්‍රිකුණාමල මූලික රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇතැයි බම්බලපිටිය පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඉදිරියේ අද (02) කරුණු වාර්තා කළේය. 02 May 2023
ඇමෙරිකාව මගේ මානව අයිතිවාසිකම් කඩකරලා ඇමෙරිකා එක්සත් ජනපදය තම මානව අයිතිවාසිකම් කඩකර ඇති බවට ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් වෙත ලිපියක් යොමු කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා චෝදනා කර ඇත. 02 May 2023
චාල්ස් කුමරුගේ රාජාභිෂේකයට වියදම පවුම් කෝටි 10 ක් තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා වියදම බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් කෝටි 10 ක් පමණ බවත් එම මුදල ගෙවනු ලබන්නේ බ්‍රිතාන්‍ය රජය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.එයට හේතුව සියලු රාජ්‍ය උත්සව සඳහා වියදම දරන්නේ රජය වන අතර රාජාභිෂේක උත්සවයද රාජ්‍ය උත්සවයක් වීමයි. 02 May 2023
ඩෙංගු පරීක්ෂණවලින් සල්ලි ගැරූ රසායනාගාරවලට ලක්ෂ 94 ක් දඩ ඩෙංගු හා පූර්ණ රුධිර පරීක්ෂණ සඳහා ගැසට් කරන ලද නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කළ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර දොළහක් සඳහා පසුගිය මාස හතර තුළ රුපියල් ලක්ෂ 94ක දඩ මුදලක් අධිකරණ මගින් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ ජේ්‍යෂ්ඨ විමර්ශන නිලධාරී ඒ . යු. රංජන මහතා පැවසීය 02 May 2023
සැඟවුණු අමුත්තාදැයි ඇසූ දරුවාට පහර දුන්නාට ශරීර ඇප මුල්ලේරියාව එදිරිවීර සරත්චන්ද්‍ර විද්‍යාල භූමියේ පැවැති බක්මහ උළෙලේදී සැඟවුණු අමුත්තා දැයි පිටට තට්ටු කොට ඇසුවා යැයි උරණවී එකොළොස් හැවිරිදි දරුවකුට පහරදී තුවාල කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයකු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංග මහවත්ත මහත්මිය අද (02) නියෝග කළාය. 02 May 2023
පුංචි සභාවල හිටපු ලොක්කන් පාවිච්චි කළ ලොකු වාහන 565 ක් හතර අතේ පළාත් සභාවල සහ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පාවිච්චි කළ වාහන 565 ක් යම් යම් නිලධාරීන් හිතුමතේ පාවිච්චියට යොදා ගැනීම නිසා ඒවා දැඩි ලෙස විනාශයට පත්වෙමින් තිබෙන බව වාර්තා වේ. 02 May 2023
ඩෙංගු පරික්ෂාවට ආ සෞඛ්‍ය නිලධාරීට කුණු වතුර ප්‍රහාරයක් ඩෙංගු පරික්ෂාවට ගිය මහජන සෞඛ්යක පරීක්ෂක වරයෙකුට බීමතින් පැමිණි පුද්ගලයෙකු මදුරු කීටයන් සහිත ජල ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙකු අද (02) දා අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි . 02 May 2023
කිඹුලා බනිසයක් 23,200 වෙන්දේසියේ අනුරාධපුර ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව කුරුණෑගල කොළණිය හුරුළු ප්රබෝධය කාන්තා සමිතියට ආධාර පිණිස සංවිධානය කළ සල්පිලකදී කිඹුල් බනිස් ගෙඩියක් රුපියල් 23,200කට අලෙවි විය. 02 May 2023
ජාතික බලශක්ති සුරක්ෂිතතාව අවධානමක විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත්කළ කමිටුවක් ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත් සමාගම් පනත යටතේ ස්ථාපිත සමාගම් 14 කට පැවරීමට යෝජනාවලියක් සහ පනත් කෙටුම්පතක් සකස් කර ඇති බවත් අදාල යෝජනාවලිය ක්‍රියාත්මක වුහොත් ජාතික බලශක්ති සුරක්ෂිතතාවය සමාගම්වල පාලනයට නතුවන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පැවසීය. 02 May 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026