IMG-LOGO

කෙහෙළිය තීරණයක් ගන්න යයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඖෂධ ගැනීමට ප්‍රමාණවත් මුදල් නොදෙන්නේ නම් මේ තනතුරු තවදුරටත් දැරීමේ බලාපොරොත්තුවක් නැතැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඖෂධ හිඟය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේද සදහන් කළේය.

ඖෂධ මිලදී ගැනීමට මුදල්වල ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ගැන අද වැඩබලන මුදල් ඇමතිතුමා එක්ක සාකච්ඡා කරනවා. ඖෂධ මිලදී ගැනීමට මුදල් ගැනීමට හැකියාවක් නැත්නම් එය මේ සභාවට දැනුම් දෙනවා. මේ මුදල සොයාගන්න බැරිනම් තනතුරු දැරීමේ බලාපොරොත්තුවක් නැහැ. මොකද එහෙම කළොත් එය සමාජයට කරන, සෞඛ්‍ය සේවයට කරන විශාල අඩුපාඩුවක් වෙනවා.එහෙම අඩුපාඩුවක් වුණොත් ඒ වගකීම මට බාරගන්න බැහැ.

ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියේ බරපතළ ගැටලු තියෙනවා. මිලදී ගැනීම් ක්‍රියාවලියේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. අධිකරණයට අපේ ගෞරවයක් තියෙනවා. නමුත් අධිකරණය ගන්න සමහර තීන්දුවලින් අපිට යම්කිසි බලපෑම් ඇතිවෙලා තියෙනවා. ඒ ගැන කනගාටුව පළ කරනවා. අධිකරණ ඇමැතිතුමා සමග ඒ පිළිබඳව සාකච්ඡා කරනවා.

 



අදහස් (5)

කෙහෙළිය තීරණයක් ගන්න යයි

Sunil Thursday, 22 June 2023 11:04 AM

තිබෙන සොච්චමෙනුත් බාල ඖෂධ ගෙනවිත් ,එයිනුත් යටි මඩි ගසමින් ජන ජීවිත විනාශ කරපල්ලා . රට කාලකන්නි

:       2       25

sena Thursday, 22 June 2023 11:11 AM

අනේ යනවානම් කොච්චර හොඳද

:       1       24

Don Wije Thursday, 22 June 2023 11:36 AM

ගන්න ගන්න හනිකට තීරනය ගන්න දැනුත් පරක්කු වැඩි ඉන්දියාවෙන් බාල ඖෂධ ගෙනවෙ අපිද හදිසසියෙ.

:       1       12

Asanga Thursday, 22 June 2023 11:45 AM

ඔබතුමා පිටරට ගිහින් ජොලි කරල කකුල් කඩාගෙන ඒක හොඳ කරන්න ගත්තු මහජන සල්ලි ආපසු ගෙවන්න බැරිද​?

:       1       15

Candana Thursday, 22 June 2023 12:11 PM

මොනතරම් ලොකු දෙයක්ද යන්වනම් , යවාගන්න බැරිවනෙ ඉන්නෙ , මෙහෙම කියන අය මොනතරම් හිටිද මිට පෙරත්.

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site