IMG-LOGO

යුද හමුදා බසයට දැරියක බිලි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

යුද හමුදාවට පවරාගත් බස් රථයක් අද අළුයම ස්කූටරයක ගැටී එහි ගමන් ගත් තුන් හැවිරිදි දැරියක  එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ රයිගම කැලේ කඩේ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසදි දෙනෙත්මා සපුගේ නැමැති තුන් හැවිරිදි දැරියයි.

බණ්ඩාරගම සමුපාකාර සමිති ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරිවරිය වන මියගිය දැරියගේ මව දැරිය ස්කූටරේ නංවාගෙන කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදී එම සමුපාකාර කාර්යාලය ඉදිරිපිට  දී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.

කළුතර සිට යුද හමුදා මූලස්ථානයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට කාර්ය මණ්ඩලයේ රැගෙන යමින් සිටි බස් රථය බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ධාවනය කරද්දී මාර්ගය මැදදී ස්කූටරේ ගැටි මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත .

අනතුරක් සමඟ වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් බරපතළ තුවාල ලබා සිටි දැරිය සහ මව බණ්ඩාරගම දිසා රෝහල වෙත රැගෙන විත් තිබූ අතර ඒ වන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දැරියගේ හිසට බරපතළ බරපතල තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

 



අදහස් (0)

යුද හමුදා බසයට දැරියක බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site