IMG-LOGO

ජනපතිගේ කතාවට හර්ෂ ගණන් හදා උත්තර දෙයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා කියන පරිදි 2048 වසර වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට  නම් සෑම වසරක්ම සියයට 6.5 ක වර්ධන වේගයක් ලඟා කරගත යුතු බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

2048 වසර දක්වා ඇති අවුරුදු 26 ම 6.5%කින් වර්ධනය කළේ නැතිනම් ඒ ඉලක්කයට යන්න කිසිසේත් හැකියාවක් නැති බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

සංවර්ධන ඉලක්කය ලඟා කරගැනීමට නම්  2048 වසර වන විට ඩොලර් 13205 ක ඒක පුද්ගල ආදායමක් ලබාගන්න සිදුවෙන බව සඳහන් කළ හර්ෂ ද සිල්වා මහතා මූල්‍ය අරමුදල කියා තිබෙන පරිදි 2026 වන විටත් ලංකාවෙි ආර්ථික වර්ධන වේගය වන්නේ සියයට තුනක් පමණක් බවද කීය.

 ඇස්තමේන්තු වලට අනුව ලංකාවෙි ජනගහන 2048 වසර වන විට මිලියන 23.06 පමණ වෙන අතර 2048දී රුපියලේ  අගය ඩොලරයට සාපේක්ෂව1385 පමණ වෙන බව පැවසීය.

 විවිධ තර්ක ගේන්න පුළුවන් නමුත් කවුරුහරි මේ ගාන හදන්න අවශ්‍ය බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජනපති  ජාතිය අමතා කළ ප්‍රකාශය පිළිබඳ  සභාව කල් තැබීමේ  විවාදයට සහභාගී වෙමින් පැවසීය.



අදහස් (3)

ජනපතිගේ කතාවට හර්ෂ ගණන් හදා උත්තර දෙයි

චතුරි Thursday, 22 June 2023 05:57 PM

මේවට. කොහෙන්. උත්තර හොයන්නද. ලියන්නද. 2048. කලින් අඩුම ගානෙ ඉලග සතිය ගැන කිව්වා නම්. හිතා ගන්න තිබුනා. ඇත්තටම රට ගොඩගන්න. හදන්බෙ කියලා. මේ කාලේ වෙනකොට ලන්කාවක් තියෙයිද. රට වැසියෝ. කීදෙනෙක් ඉදියිද. මට කියන්න පුලුවන්. මේ කාලය වෙනකොට. එක තරුනයෙක් නැහැ ලන්කාවෙ. මහලු වයසට ගිය දෙම්ව්පියන් පමනක් ඇති. ලෝක සිතියමෙන් පෙන්නුම් කරන්නෙ පුන්චි ලන්කාව වෙනුවට චිනයෙ අගනුවර. කියා චින්චි සිලෝන්. පෙන්නුම් කරයි නාකිමයිනා. ඇතුලු හොරනඩේ. ඒවෙනකොට සුර සැප විදලා අපා ගතවෙලා. හෙහත වැදෙන්න ඕන මොන ලෝකේ ගියත්

:       0       0

කිරිපුා Thursday, 22 June 2023 06:13 PM

2048 වෙනකොට දැන් ඉන්න කීයෙන් කී දෙනෙක් ජීවතුන් අතර ඉඳීද ? ඒ නිසා මේ හැම කතාවක්ම කතා විතරයි.

:       0       1

sena Thursday, 22 June 2023 06:28 PM

හුටා 2048 සිහිනයත් බකල්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site