(දයාරත්න ඇඹෝගම)
සඳසිරිගම ප්‍රදේශයේ කසිප්පු ජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනිමට යතුරු පැදි දෙකකින් යමින් සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු දෙබර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගතකළ බව තඹුත්තේගම මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ දෙබර ප්‍රහාරයකට ලක්ව ඇත්තේ තඹුත්තේගම මුලස්ථාන පොලිසියේ දුෂණ මර්දන ඒකකයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරු දෙනෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකි.
මොවුන් සදසිරිගම ප්‍රදේශයේ කසිප්පු ජාවාරම් කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනිමට යතුරු පැදි දෙකකින් යමින් සිටියදි සදසිරිගම ආසන්නයේ මාර්ගයේ පිහිටි කොහොඹ ගසක බැද තිබු දෙබර කුඩයක් ඇවිස්සි දෙබර ප්‍රහාරයකට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
එම දෙබර ප්‍රහාරයෙන් අසාධ්‍ය තත්වයට පත්වු මොවුන් තිදෙනා තඹුත්තේගම රෝහලට ඇතුළත් කොට තිබුණි.
තඹුත්තේගම රෝහලට ඇතුලත් කරනු ලැබු මොවුන් තිදෙනා ගෙන් එක් සැරයන් වරයෙකු අද (22)දින ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති අතර තවත් පොලිස් සැරයන් වරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකු තව දුරටත් ප්‍රතිකාර ලබති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දෙබරු ඇන පොලීසියේ තුනක් රෝහලේ