IMG-LOGO

ගයන්තගෙන් චෝදනාවක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව ඡන්දපොළ දකින්නේ අපායක් වගේ යැයි ද මැතිවරණ කොමසාරිස් පේන්නේ යම රජ්ජුරුවෝ වගේ යැයිද සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආණ්ඩුවට ඡන්දදායකයන් පේන්නේ යමපල්ලෝ වගේ යැයි කී කරුණාතිලක මහතා කොයි මොහොතේ ඇද වැටෙයි ද නොදන්නා වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න ආණ්ඩුවක් සෞභාග්‍යමත් රටක් ගැන කතා කිරීම විහිළුවක් බව කීය.

රාජපක්ෂලා පටලවපු දේශපාලන නූල් බෝලෙ කොනක් හොයන්න ජනාධිපතිතුමා හිතුවාට මේ නඩේ එක්ක එතුමාට ඒක කවදාවත් කරන්න බැරි බව පේන්න තියෙන බවද කරුණාතිලක මහතා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතිය ඇමතීමේ ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ගයන්ත කරුණාතිලක මහතා මේ බව කීය.

 



අදහස් (0)

ගයන්තගෙන් චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site