IMG-LOGO

සැප්තැම්බරයේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරනවා

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

පාර්ලිමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, රට වර්තමානයේ මුහුණ දෙමින් තිබෙන ණය අර්බුදය විසඳීම සඳහා පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙළක් සකස් කරන බවත්, එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමුඛතාවයක් වන අතර, වැදගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමට තම මූලික අවධානය යොමුව ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් මහතා සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (IDU) 40 වන සංවත්සරයට සමගාමීව ජුනි මස 19 සහ 20 යන දෙදින  ලන්ඩන් නුවර පැවති එහි වාර්ෂික සංසදය අතරතුර මෙම සාකච්ඡාව පැවැත්විණි.

පරිසර අභියෝග, ආර්ථික සමෘද්ධිය සහ ජාතික ආරක්ෂාව යන්න සංකීර්ණ මාතෘකා බවට පත්ව ඇති යුගයක, දේශගුණික විපර්යාසවලට මුහුණදෙමින් වඩා සුරක්ෂිත සහ සමෘද්ධිමත් ලෝකයක් ගොඩනැඟීමට එක්ව කටයුතු කරන්නේ කෙසේද, යන්න සාකච්ඡා කිරීමේ අරමුණින් ලෝක නායකයෝ මෙවර සංසදය සමඟ එක්ව සිටියහ. 

ස්ටීවන් හාපර් මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා ජනාධිපති ධූරයේ වගකීම බාර ගැනීම, රටේ ආර්ථිකය යළි ගොඩනැඟීම සඳහා ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන වැඩසටහන පිළිබඳව ද දීර්ඝ ලෙස අදහස් දැක්වීය. 

ශ්‍රී ලංකාවේ මූල්‍ය අපේක්ෂාවන් ශක්තිමත් කරමින් දීර්ඝ කාලීනව වඩාත් හිතකර වෙළෙඳ ශේෂයක් ස්ථාපිත කිරීමට අදහස් කරන බවත්, ලිබරල් ආර්ථික ලිහිල්කරණ ප්‍රතිපත්තිය වේගවත් කිරීම සහ ආයෝජන ආකර්ෂණය වැඩි කර ගැනීම අරමුණු කර ගෙන එහිදී කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. 



අදහස් (1)

සැප්තැම්බරයේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරනවා

Jagath Wickramasekara Thursday, 22 June 2023 08:05 PM

ආඩම්බරයි සර් ඔබ ගැන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 474 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site