IMG-LOGO

අල්ලස් ගත් හදිසි මරණ පරීක්ෂකට වැඩවරදී

(අමදෝරු අමරජිව)

මරණ පරික්ෂණය සිදුකර මරණ සහතිකය ලබා ගැනිමට අදාල වාර්තාව ලබාදිම සදහා රුපියල් 3000ක අල්ලසක් ගත් ත්‍රි කුණාමලය මහ රෝහලේ තාවකාලික රාජකාරියේ යෙදී සිටිබව කියන හදිසි මරණ පරික්ෂකවරයා අද (22) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ වැටලිම් අංශයේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ගෝමරන්කඩවල, බක්මිගම ප්‍රෙද්ශයේ පුද්ගලයෙකු සිය බාප්පාගේ මරණ පරික්ෂණ වාර්තාව ඉල්ලා සිටි අවස්ථාවේ ඒ සදහා රුපියල් 10,000/-ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් 7000 ක මුදලක් මිට පෙර ලබා දි මේ පිළිබදව අල්ලස් කොමිසමට කල පැමිණිල්ලක් අනුව මෙම වැටලිම සිදු කරනු ලැබීය.

වාර්තාව ලබාදිමට ඉතිරි රුපියල් 3000/-ක අල්ලස් මුදල ලබාදෙන අවස්ථාවේ සැකකාර හදිසි මරණ පරික්ෂකවරයා මෙලෙස අත්අඩංගුවට පත්විය. සැකකාර හදිසි මරණ පරික්ෂකවරයාගේ ත්‍රිකුණාමලය යෝනක වීදියේ නිවසේදි අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේ සැක කරු මෙලෙස අල්ලස් කොමිසමේ වැලිම් අංශයේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වැඩිදුර පරික්ෂණ සදහා ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසියට රැගෙනවිත් ඇති අතර සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

 



අදහස් (0)

අල්ලස් ගත් හදිසි මරණ පරීක්ෂකට වැඩවරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site