දැදුරුඔයේ වාන් දොරටු 2ක් විවෘත කරයි පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද(05) සවස සිට අඩි 01 බැගින් විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව මහතා පැවසීය. 05 May 2023
ගම්පහින් කොරෝනා මරණ 2ක් කොරෝනා වැළදීමෙන් තවත් මරණ දෙකක් ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 05 May 2023
විදුලිය ප්‍රතිව්‍යුහගත කිරීමට ආසියානු සංවර්ධන බැංකු සහය මෙරටට විදුලිබල ක්ෂේත්රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙලට ආසියානු සංවර්ධන බැංකුව උපදෙස් දෙන බවත් එම බැංකුවේ උපදේශක සේවා අධ්යක්ෂවරයා ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 05 May 2023
රන් සොරකමකට කබර සුරේෂ් ඇතුළු 3ක් අල්ලයි බොරැල්ලේ කෝටිපති ව්‍යාපාරික නිවසක් බිද රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් කබර සුරේශ් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කියයි. 05 May 2023
නූපන් බිළිඳියකට සැත්කමක් ඇමෙරිකාවේ බොස්ටන් ළමා රෝහලේදී ලොව ප්‍රථම වතාවට මවගේ ගර්භාෂය තුළදී බිළිඳියකට මොළයේ සැත්කමක් සිදු කර ඇත. 05 May 2023
රට පුරා දාන ශාලා 7000ක් වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් 7,000ක් පමණ පැවැත්වීමට ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. 05 May 2023
හෙරොයින් සැකකරු ළඟ ලක්ෂ 5ක විදේශ මුදල් හෙරොයින් සන්තයේ තබාගැනීමේ වරදට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනාකමින් යුත් විදේශ මුදල් සොයාග්ත බවත් එම විදේශ මුදල් අතර ස්ටර්ලිං පවුම් 50 යේ නෝට්ටු 17 ක් සහ ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 5 ක් සොයාගත් බවත් කොළඹ අපරාධ කොට්ටාසයේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 May 2023
රනිල්ගේ ඉල්ලීමට පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුවක් අද තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන් සහ තෙවන චාල්ස් රජු අතර හමුවක් අද(5) පැවැත්වීමට නියමිතය. 05 May 2023
විදේශ සමාගම් 3ට දෙන්න ඉන්ධන හල් කාණ්ඩගත කරයි මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අළෙවි කිරීමේ ව්‍යාපාරයට එක්වන විදේශ සමාගම් තුනට හිවන ඉන්ධන පිරවුම්හල් 350 පිරිවුම්හල් 150 බැගින් කාණ්ඩ තුනකට වෙන්කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 05 May 2023
සෞඛ්‍ය පරීක්ෂකවරු දන්සැල් පරීක්ෂා කරති වෙසක් උත්සවය වෙනුවෙන් සූදානම් කර ඇති ආහාර වර්ග සහ බීම දන්සැල් නිසි සෞඛ්‍ය තත්වයන්ට අනුව තිබේදැයි පරීක්ෂා කිරීම සමස්ත රටම ආවරණය වන ලෙස අද (5) පෙරවරුවේ ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසීය. 05 May 2023
කැලණිය රජමහා විහාරය බැතිමතුන්ගෙන් පිරෙයි වෙසත් පෝය දින වන අද (5) කැලණිය රජමහා විහාරයට බැතිමතුන් විශාල පිරිසක් සුදු වතින් සැරසී පැමිණ සිටියහ. 05 May 2023
දහම් අධ්‍යාපනය අනිවාර්ය කරන්න යෝජනාවක් මෙවර වෙසක් උත්සවයට සමගාමීව දහම් පාසල් අධ්‍යාපන අනිවාර්ය කිරීමට බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 05 May 2023
කජුගමදී බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුගම ප්‍රදේශයේ දී අද (5) උදේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු විසි තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි . 05 May 2023
වෙසක් බලන්න විශේෂ බස් සේවාවක් රටපුරා වෙසක් කලාප ස්ථාපිත ප්‍රදේශ සහ බැතිමතුන් විශාල වශයෙන් පැමිණෙන පුජනීය ස්ථාන ආවරණය වන ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) විශේෂ බස් රථ සේවාවක් අද (5) සිට 8 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව එහි සභාපති ලලිත් ද සිල්වා මහතා පැවසීය. 05 May 2023
උ.පෙළ පිළිතුරු පත් බලන්න සරසවි ඇදුරෝ එකඟ වෙති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කියයි. 05 May 2023
කාලගුණයෙන් ධිවරයන්ට අනතුරු අඟවයි දිවයිනේ නිරිත දෙසින් බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්වෙන් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇති සහ ක්ෂණික සුළං ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 May 2023
මව පැදවූ යතුරු පැදිය ලොරියේ හැපේ:දියණියක් මරුට ත්‍රිකුණාමලය පුත්තලම මාර්ගයේ ගමන් ගමන් ගත් ස්කුටි වර්ගයේ යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් එම යතුරු පැදියේ ගමන් ගත් දොළොස් හැවිරිදි පාසල් පාසල් සිසුවියක මියගොස් ඇගේ මව සහ නැගනිය අනුරාධපුර ශික්ෂණ රෝහට ඇතුළත් කර ඇතැයි කහටගස්දිගිලිය පොලීසිය පවසයි. 05 May 2023
ගාල්ල යටවේ ගාල්ලට ඊයේ (04) රාත්‍රි ඇද හැළුණ ධාරාණිපාත වර්ෂාවෙන් මාර්ග රැසක් සහ පහත්බිම් රැසක්ද ජලයෙන් යටවිම නිසා ජන ජිවිතයට දැඩි බාධා එල්ලවිය. 05 May 2023
කුඩු බෙදන තැනක් බණ්ඩාරගමින් අල්ලයි බණ්ඩාරගම වැල්මිල්ල කුලී නිවසක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයකු රුපියල් කෝටියකට ආසන්න මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි. 05 May 2023
කලාකරුවකු පැහැගෙන පහරදීලා:හතරක් මාට්ටු චිත්‍රපටි ,ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයකු හා තිර රචනාශිල්පියකු ලෙස කටයුතු කරන 51ක් හැවිරිදි අයකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදු කළ සිදු කළ බව කියන පුද්ගලයන් 4 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය පවසයි. 05 May 2023
උතුම් සම්බුදු තෙමඟුල අදයි සිද්ධාර්ථ කුමරුන්ගේ උපත සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වානය සිහිපත් කරන උතුම් පුන් පොහෝද අදට යෙදී ඇත. 05 May 2023
ප්‍රා. ලේ කොට්ඨාස 12ක නාය අවදානම් අධික වර්ෂාව සමග දිස්ත්‍රික්ක දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ 12 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කළේය. 05 May 2023
කළුතර ලී මෝලක ගින්නක්:ලක්ෂ 20ක දේපළ වැනසෙයි නිමවන ලද ලී තට්ටු පදම් කරන බොයිලේරුවේ ගින්න හටගෙන තිබූ අතර , විදෙස් රටවලට යැවීම සදහා නිමවන ලද පැලට් ලෑලි තට්ටු විශාල ප්‍රමාණයක් විනාශවී තිබුණි. 05 May 2023
සිරකරුවෝ 988 කට අද නිදහස වෙසක් පෝය වෙනුවෙන් විශේෂ ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 988 ක් අද (5) දිනයේ නිදහස් කරන බවත් එයට සිරකරුවන් 982 ක් සහ සිරකාරියන් 6 ක් ඇතුළත් බවත් අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. 05 May 2023
වැස්සෙන් ගුවන් ගමන් වලටත් බාධා කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට පැවති අධික වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය . 05 May 2023
බුදුන්ට පූජා කළ බිලිඳු දරුවා රෝහලට රැගෙන වත්තේගම ඇල්කඩුව මාර්ගයේ මලියදේව ලෙන් විහාරයට යන මාර්ගය ආසන්නයේ පිහිටි බුදු පිළිමය යට දමා ගොස් තිබූ අලුත උපන් බිළිඳකු සොයා ගත් බව වත්තේගම පොලිසිය පවසයි. 04 May 2023
රටින් ඩොලර් පිට කරන ක්‍රමය ‘ඖෂධ මාෆියාවයි’ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වංචාකාරී ලෙස රටින් පිට කරන මූලික ක්‍රමය ඖෂධ මාෆියාව බවත් ඇමතිවරු සහ බලධාරීන් පිස්සු නටමින් සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. 04 May 2023
වකුගඩු ජාවාරම් කළැයි කියන පෞද්ගලික රෝහලේ වකුගඩු ශල්‍යකර්ම නවත්වයි වකුගඩු ජාවාරම සිදු කිරීමේ චෝදනාවට ලක්ව ඇති පෞද්ගලික රෝහල පිළිබඳ පරීක්ෂණ නිමවනතුරු එම රෝහලෙහි වකුගඩු ශල්‍යකර්ම සිදු කිරීම අත්හිටු වීමට සත් දෙනකුගෙන් යුත් විශේෂඥ වෛද්‍ය කමිටුව නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (04) දැනුම් දුන්නේය. 04 May 2023
යතුරුපැදියකින් හොර සල්ලි ඇද්ද සරසවි සිසුවා ඇතුළු දෙදෙනෙක් දැලේ රුපියල් 5000 නෝට්ටු සහ, රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 277 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සරසවි සිසුවකු ඇතුළු දෙදෙනෙකු අලිමංකඩ පොලිස් මාර්ග බාධයේ දී අද (4) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය කියයි. 04 May 2023
පී.එච්.අයිලා හෙට සිට ගම්පහ දන්සල්වලට පනී ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම දන්සැල් හෙට (5) දින සිට(7) දින දක්වා දින තුනක් පරීක්ෂා කිරීම සිදුකරන බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්. එම් .සාමබන්දු කුමාර මහතා පැවැසීය. 04 May 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026