(යොහාන් භාසුර)
රජයේ රෝහල්වලට මෙම වසර අවසන් වන විට විශේෂඥා වෛද්‍යවරු 750 ක ඌනතාවකට මුහුණදීමට සිදුවන බවත් එම රෝහල්වලට විශේෂඥා වෛද්‍යවරු 2,250 ක අවශ්‍යතාක් තිබුණ ද පසුගිය වසර අග වන විටත් විශේෂඥා වෛද්‍යවරුන් 300 ක අඩුවක් පැවැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්ෂික ස්ථාන මාරු වාර්තාවෙන් හෙළිවෙයි.

මෙම වසරේ දෙසැම්බර් මස වයස 63 සම්පූර්ණ කළ විශේෂඥා වෛද්‍යවරු 55 ක් විශ්‍රාම යෑමට නියමිත බවත් වයස 60 න් විශ්‍රාම යෑමේ නීතිය වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වුවහොත් ලබන දෙසැම්බර් මස 31 වැනිදා විශේෂඥා වෛද්‍යවරු 250 ක් පමණ එකවර විශ්‍රාම යෑමේ අවදානමක් ඇති බවත් එම වාර්තා කියයි.