
(රංජිත් රාජපක්ෂ)
තම පාක්ෂිකයකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළැයි කියන සිද්ධියකට උරණ වූ ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් තවත් ආධාරකරුවන් පිරසික් රැගෙන බගවන්තලාව පොලිසියට ගොස් පොලිස් ස්ථානාධිපතිට සහ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීවට බැණ තර්ජනය කර ඇත.
සැකකරු බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුව වෙත පැමිණ ඔහුගේ මිතුරෙකුගේ ගිණුමක ශේෂය පිලිබදව මුදල් කවුළුවෙන් විමසා ඇති අතර , එහිදි බැංකුවේ නිලධාරින් පවසා ඇත්තේ වෙනත් ගණුදෙණුකරුවෙකුගේ බැංකු ගිණුම් තොරතුරු පිලිබදව වෙනත් පාර්ශවයකට ලබාදිය නොහැකි බවයි.
ඒ සම්බන්ධයෙන් බැංකුවක කලමණාකාරවරයා සහ ඔහු අතර බහින් බස් විමක් සිදුව ඇති අතර කලමණාකාරවරයා බගවන්තලාව පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සැකකරු බගවන්තලාව නගර මධ්‍යයේදි අත්අඩංගුවවට ගෙන හැටන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් කර ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් උරණ වු අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා බගවන්තලාව නගරය ගොස් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා එම ස්ථානයට කැදවා බැන වැද තර්ජනය කර ඇත.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා මෙසේ කීය.
බගවන්තලාව නගරයේදී තරුණයකු අත්අඩංගුවට ගන්නා මුවාවෙන් එම තරුණයාට පොලීසිය පහරදීමේ සිදුව තිබෙනවා. ඒ පිළිබඳව එම පොලිස් නිලධාරීන්ට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතුයි.
නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලීසියේ වගකීමක්, එසේ වුවද නීතිය අතට ගැනීමට කිසිවකුටවත් නොහැකියි, මෙම සිදුවීමේදී පොලීසිය අත්තෝනෝමතිකව කටයුතු කර ඇති බවට ජනතාවගෙන් විවේචන එල්ල වී පවතින බවද තොණ්ඩමන් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ නූගත් කාලකන්නි ආයෙත් පත් කරගන්නවද කියලා හිතලා බලන්න .ජීවන් සද්දේ වහලා හොඳට ගහගෙන ඉන්නවා
පොලිසියේ කොන්ද පන නැති කම .ඇමති කෙනෙක් කිවුව ගමන් නකුට දෙපරන්දේ ගහ ගන්නවා .ඇමතියා අල්ලලා කූඩුවේ දාලා රාජකාරියට බාධා කිරීම ගැන චෝදනා පත්‍රය එක්ක උසාවියේ දැම්මානම් ඉවරයි
මුන්ව ඇතුලට දමන්න පොලිසියට කොන්දක් නැහැ .මෙවැනි චන්ඩි කොළඹ දී අහුවුනොත් අල්ලලා දමලා නාවලා ගන්න ඕනේ
හරියට දෙමල ෆිල්ම් එකක් වගේ . ඇමතිවරයා නගරය මැද පොඩි සෙල්ලමක් දාලා ,පොලිසයට ගිහින් මේ ගැටලුව විසඳගන්න තිබුනානේ
අපේ පොලිස් එක දැන් සැමට එක ලොව් එක වගේ .තව ටික දවසකින් ඔය ඕ.අයි.සී මාරු කරලා ඇති බලන්න කෝ
ඇත්ත. මෙහිදී පොලීසිය පහරක් දෙකක් ගහනවා දැක්කා සමාජ ජාලාවලින්. එය බලවත් වරදක්. සැකකරු බොහෝම සන්සුන්ව සිටියා.
කොහොමද වතු දෙමල්ලු නැග්ග තරම? පොලිස්සියට කොන්දක් තිබෙනවානම් මේ වතු දෙමළවත් අත් අඩංගුවට ගන්න. කාට ඇමති උනත් අපිට මොවුන් වතු දෙමල්ලු.
ලංකාව් බොලිවුඩ් දේශපාලනය, රටේ නීතියට අවනත නොවන නිතිය දේශපාලන බලය යොදා අතට ගන්න දේශපාලකයන් සිටිනා තුරු ලංකාව ගොඩනැගිය නොහැක.
තොන්ඩයගෙ මූනෙ තියන සිරියාවන්ත පාට
රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ජීවන්ට විරුද්ධව උසාවියක නඩුවක් ගොනු කරන්න පොලිසිය බයද?
මෑතකදී උතුරේ දේශපාලුවෙකුට ගත් ක්‍රියාමාර්ගය ඇයි මෙයාට නැත්තෙ? බයද ?