(යොහාන් භාසුර)
කොළඹ නගර සභා සීමාවේ රජයේ මහල් නිවාස සංකීර්ණ 8 ක් දැඩිව අබලන්වීම නිසා එම නිවාසවල පදිංචි ජනතාවගේ ජීවතවලට දැඩි තර්ජනයක් නිර්මාණය වී ඇති බවත් එම නිවාස සංකීර්ණ කඩා ඉවත්කිරීමට යෝජනා කර ඇති බවත් ජාතික ගොඩනැගිලි පරීක්‍ෂණ ආයතනයේ නිලධාරීයෙක් පැවසීය.
වෑකන්ද මහල් නිවාස ව්‍යාපෘතිය, බම්බලපිටිට නිවාස ක්‍රමය, වේල්ස් කුමාර මාවත නිවාස ක්‍රමය, සිරිධම්ම මාවත නිවාස ක්‍රමය, කම්කරුපුර මහල් නිවාස ක්‍රමය, බී36 මාලිගාවත්ත නිවාස ක්‍රමය, එම නිවාස සංකීර්ණයේ ජී. එච්. ජේ. කේ. එම්. සහ එන්. යන නිවාස සහ මිහිඳු මාවත නිවාස ක්‍රමය යන නිවාස සංකීර්ණ අට මෙම අවදානම් තත්වයට පත්ව ඇති බවත් එම නිවාස යෝජනා ක්‍රමවල පාලන අධිකාරිය වන සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය එම නිවාස සංකීර්ණ කඩා ඉවත්කිරීමට නිවාස අමාත්‍යංශයට යෝජනා කර ඇති බවත් වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩීන්ස් පාරේ වීපුලසේන මාවතට මායිම්ව තට්ටු නීවාසත් බලන්න කැත සහ පඩිපෙළ ගොඩනැගිල්ලෙන් වෙන්වෙලා තියනව නේද?අවුරුදු හතලිහක්වත් පරණ නෑ.
මිනිස්සු අයින් කරලා මේ ඉඩම් ටිකත් විකුණන් කන්නයි මේ ප්ලෑන් ගහන්නේ
සුබ උදෑසනක්, මෙම ගොඩනැගිලි කඩා වැටෙන්නේ නැත, නමුත් බලධාරීන් එම අවස්ථාවෙන් මුදල් ලබා ගැනීමට ඉක්මන් වෙනව. කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව අහිංසක මිනිසුන්ගෙ ජීවිත නගා සිටුවීමට මෙ බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නෙනෑ...