(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දෙවැනි වතාවටත් සේවා දිගුවක් ලබාදෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.
ඔහුගේ සේවා කාලය අදින් (26) අවසන්වීමට නියමිතය.
නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නාම යෝජනාවක් තවමත් ඉදිරිපත්වී නොමැත.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද හෙටම රැස්වීමටද තීරණයක් ගෙන නැති තත්වය යටතේ අලුත් පොලිස්පතිවරයකු පත් කිරීම කඩිනමින් නොකෙරෙනු ඇත.
මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැමිණි පසු සාකච්ඡා කරන බවයි.
පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව සිටියත් රජය ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ දමපු රෝයල් සැලියුට් විස්කි පාටිය
බාලගිරි දෝශේ
තටමන තරමෙ හැටියට පිටකරන්ඩ දගලන බඩ්ඩේ ගද මුලු ටොය්ලෙට් එකම පූර්න වැසිකිලියක් වෙයි කියල.
දූෂිතයින් අතරින් අඩුම එකා තෝරන එක ලේසි නෑ
මෙතුමාගේ සේවය රටට අවශ්‍යම මොහොතක් මේ තියෙන්නේ. දැන් රටේ සාමය කොච්චර හොඳද මෙතුමා නිසා. පොලිසියේ සේවය දැන් තමයි මිනිස්සු අගය කරන්නේ. දිනකට දෙන්න තුන් දෙනා මහදවල් වෙඩිතියලා මරන්නේ. හැම තැනම මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ, පැහැරගැනීම්. පාතාලේ, කුඩුකාරයෝ රජකරනවා. පොලිසියට වගේ වගක් නෑ. එහෙම තියෙද්දී මෙතුමා විශ්‍රාම යවලා කොහොමද.