(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක නගරයේ පිහිටි ප්‍රධානතම පාසලක් අසල කුලී පදනම මත ලබා ගත් නිවසක සිට ගංජා සහ මත්පෙති අලෙවි කරමින් සිටි පුද්ගලයකු ගංජා සහ මත්පෙති තොගයක් සමගින් අද (25) දින අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්‍යංශය බුද්ධි නිළධාරීන් ගේ තොරතුරක් මත විශේෂ කාර්ය බලකා මූලස්ථාන කදවුරේ වැටලීම් අංශය මගින් මෙම වැටලීම සිදු කර ඇත.
අත් අඩංගුවට ගත් සැකකරැ සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 170 ක් සහ පාසල් දරැවන්ට අලෙවි කල බවට සැක කරන මත් පෙති සියයක් ද සොයා ගැනීමට හැකි ව ඇත.
අත් අඩංගුවට ගත් පාදුක්ක මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි සැකකරැ අවස්ථාව කිහිපයකදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව ඇති බවත් එම බලකාය පවසයි.
එමෙන්ම සැකකරැ විසින් හෝමාගම ඉංගිරිය පාදුක්ක අතුරැගිරිය හොරණ ආදී ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව ඇති බවට අනාවරණය වූ බවද පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් පැවසූහ.
අත් අඩංගුවට ගත් සැකකරැ වැඩිදුර විමර්ශන සදහා පාදුක්ක පොලිසිය වෙත භාර දී ඇති අතර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාසලක් අසල ගංජා-මත්පෙති අලෙවි කළ අයෙක් මාට්ටු