මහ බැංකු අධිපති වැටුප ගැන කියයි අසත්‍ය ප්‍රචාරවලට රැවටී ඇතැම් දේශපාලනඥයන් සහ මන්ත්‍රීවරුන් තම මසික වැටුප ගැන විවිධ අසත්‍ය ප්‍රකාශ කළත් තමාගේ වැටුප මසකට ලක්ෂ 4 ක් බව මහ බැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා අද(24) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 24 November 2022
හිට්ලර්ටලා චැප්ලින්ලා කවුදැයි මන්ත්‍රි තුෂාර කියයි ජනාධිපතිතුමා නිතර නිතර ඇවිත් මන්ත්‍රීවරුන්ට විහිළු කරන්නේ ඇත්ත ප්‍රශ්න අමතක කිරීමට බව සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2022
එල්.පී.එල්වලට බාල්දියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය කඩාකප්පල් කිරීමට ක්‍රීඩා ප්‍රධානියෙක් එම තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන්ට පෞද්ගලික මට්ටමින් කථා කර තරගාවලියට සහභාගි නොවන ලෙස දැනුම්දී ඇතැයි ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගය කියයි. 24 November 2022
සිවුරු ඇදගත් බට්ටො දාල හිමිවරුන්ට තර්ජන කරන විට අප නිකන් ඉන්නේ නැහැ රටේ ආණ්ඩු පෙරලන්න එන විට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බැහැ.පාරට බැහැලා පන්සල්වල ස්වාමීන් වහන්සේලාට තර්ජනය කරන විට, සිවුරු ඇඳ ගත්ත බට්ටො දාලා තර්ජනය කරන විට අප නිකන් ඉන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2022
රාජ්‍ය සේවය කප්පාදු කළාට දුම්රිය සේවකයන්ගේ විරෝධය දුම්රිය ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කර රාජ්‍ය සේවයේ කොටසකට පමණක් සේවයට පැමිණීමේ සහ පිටවීමේ සහනයක් ලබාදීමට විරෝධය දක්වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 24 November 2022
කොළඹදී ගහනවා නම් අරගලය ගමේදි කරන්න කොළඹදී කරන්න බැරිනම් ගෝල්ෆේස් පිටියේදී මර්දනය කරනවා නම් අරගලය ගම්වලදී කරන්නැයි අරගලකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද 24) පැවසීය. 24 November 2022
ගුරුවරුන් බඳවා ගන්නා අලුත් ක්‍රමවේදයක් මීට පස්සෙ පාසලේ පන්තියට යවන්නේ ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ වසර හතරක උපාධිය සහ ගුරු පුහුණුව ලබාගත් අය පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 November 2022
මුජුබුර්ගේ තුන් බිය කතාවට ජනපති උත්තරයක් දෙයි මරික්කාර් බිය ,හිරුණිකා බිය,රෝසි බිය තිබුනත් එය තුන් බිය නො වේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කී කතාවකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2022
යාල විසේකාර චණ්ඩියාට වෙඩි වැදිලා යාල වනෝද්‍යානයේ විසේකාර චණ්ඩියා ලෙස හැඳින්වුණු ගැමුණු නැමති හස්තියාට වෙඩි වැදී ඇතැයි වාර්තා වේ. 24 November 2022
කතානායකතුමා ගැන කණගාටුයි ’’ඇමැතිතුමා’’ යනුවෙන් ආමන්ත්‍රණය නොකර ’’මන්ත්‍රිතුමා’’ යනුවෙන් ඇමැතීම සම්බන්ධයෙන් චාමර සම්පත් මන්ත්‍රීවරයාගෙන් කතානායකවරයවරයා සමාව ඉල්ලීම ගැන තමා කනගාටුවන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 November 2022
රනිල්ගේ අරගල කතාවට සජිත්ගෙන් පිළිතුරක් පාරට බැසීමට මේ රටේ ජනතාව කාගෙන්වත් අවසර ගත යුතු නැති බවත් ’’පොර ටෝක්’’ දීලා ජනතාවගේ අයිතිවාසිකම් විනාශ කිරීමට කිසිවකුටත් අයිතියක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 November 2022
රජ ගෙදරට ඇතුළු වූ තවත් අයෙක් මාට්ටු කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු බත්තරමුල්ල ප්‍රදේශයේ දී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 24 November 2022
හිටපු ජනපති ගෝඨා 16 අධිකරණයට කැඳවයි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වැන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශේෂ්ඨාධිකරණය නියෝග කළේය. 24 November 2022
බැංකු පොළී අනුපාතිකයේ වෙනසක් නෑ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇත. 24 November 2022
දියණිය ඉදිරිපිට මව ඝාතනය කළ නරුම පියා සිය දියණිය ළදරු පාසලට රැගෙන යමින් සිටි එක් දරු තරුණ මවක පොල්පිතිගම තල්පත්වැව ප්‍රදේශයේ දි ගෙල කපා මරාදමා ඇතැයි පොලිසිය කියයි. 24 November 2022
ලංකාවෙ හිට්ලර්ලට අවස්ථාව නෑ ලංකාව වගේ රටක හිට්ලර්ලාට අවස්ථාව ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවෙි දී පැවසීය. 24 November 2022
රුසියානු බොරතෙල් මිලට ජී7න් සීමා රුසියානු බොරතෙල් බැරලයක විකුණුම් මිල පිළිබඳ සීමා පැනවීමට ජී7 සාමාජික රටවල් සාකච්ඡා කිරීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙට්‍රල් තොග විශ්ලේෂකයන් බලාපොරොත්තු වූවාට වඩා එක්රැස් වීමත් හේතුවෙන් ඊයේ (23) ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 3 කින් පමණ පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 24 November 2022
වැසි දෙවියෝ අදත් නිවාඩු දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (24) දිනයේත් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 November 2022
ලංකාව හිඟා කන රටක් කරන්න සූදානම් නෑ රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීරණය වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 24 November 2022
ජනපතිට තුන් බිය ජනාධිපති තුමාගේ හිතේ තුන්බිය ඇති වී තිබෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 24 November 2022
රුසියාව ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය හෙලා දකිමින්, රුසියාව ‘ත්රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක්’ ලෙස නම් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණය කළේය. 24 November 2022
කෝටි 2340 වැය කළ බොල් ව්‍යාපෘති කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරිම සඳහා ක්‍රියාත්මක කර අසාර්ථක වු ව්‍යාපෘති වෙනුවෙන් පසුගිය වසර අටක පමණ කාලයකදී රුපියල් කෝටි 2340 ක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් කියාවේ. 24 November 2022
විදුලි සේවකයන්ට තගදැමූ හිටපු ඇමති ගැන පරීක්ෂණක් කොළඹ 7, පිහිටි නිවසක විදුලිය විසන්දි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට හිටපු අමාත්‍යවරයකු කළේ යැයි කියන බලපෑමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව වාහාම පරීක්ෂණයක් ආරම්භ කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 24 November 2022
සිරකරුවකු හා එක්ව කෝටි ගණන් ඉපැයූ ඇඟළුම් කත රිමාන්ඩ් බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු සමඟ එක්වී ඊෂි කෑෂ් ක්‍රමය උපයෝගී කර සැකකටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනකට අධික මුදලක් හුවමාරු කළ බව කියන ඇඟලුම් සේවිකාවක ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (23) නියෝග කළේය. 23 November 2022
වසන්තට දෙසැම්බර් 1 ඇප ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ යන අය සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලබන 01 වැනිදා ලබා දීමට නිතිපතිවරයා පියවර ගනු ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මියට අද (23) ප්‍රකාශ කළේය. 23 November 2022
සුපිරි කඩේ සේවකයා හතර අතට වෙඩි තියලා ඇමෙරිකාවේ වර්ජිනියා හි වෝල්මාර්ට් සුපිරි වෙළඳසැලේ වෙඩික්කරුවකු සිදු කළ වෙඩි තැබීමෙන් හත් දෙනෙකු මිය ගිය අතර වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු එම සුපිරි වෙළඳසැලේ සේවකයකු බව හඳුනාගෙන ඇතැයි වර්ජනියා පොලිස් ප්‍රධානි මාර්ක් සොලෙස්කි ප්‍රකාශ කළේය. 23 November 2022
විෂය නොදන්න රාලහාමිලා රාජකාරියට දාලා කොළඹ නගරය හා අවට පොලිස් කොට්ඨාස පහක රථවාහන රාජකාරි සදහා අණුයුක්ත නිලධාරීන්ගෙන් 1050 ගෙන් 855 දෙනකු රථවාහන පාඨමාලාව හදාරා නොමැති බව විගණන වාර්තාවකින් අනාවරණ අනාවණය වේ. 23 November 2022
විදුලි බිල නොගෙවූ ඇමැති විදුලි සේවකයන්ට තගක් දාලා රුපියල් ලක්ෂයකට ආසන්න විදුලි බිලට පොලු තැබූ හිටපු අමාත්‍යවරයකුගේ විජේරාම පාරේ පිහිටි නිවසේ විදුලි විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයන් දෙදෙනකුට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තවත් පුද්ගලයකු රාජකාරිය බාධා කළේ යැයි එම සේවකයන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත. 23 November 2022
ලොව අවදානම් මුදල් අතරට රුපියල් වැටෙයි ලොව ඉහළම මුදල් අවදානමක් ඇති මුදල් ඒකක හත අතරට ශ්‍රී ලංකා රුපියල අයත් වන බව නොමුරා මූල්‍ය සමාගම අනතුරු අඟවා ඇත. 23 November 2022
ගැල්වැව සිරිධම්ම හිමි රිමාන්ඩ් බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වා පොදු දේපල පනත ප්‍රකාරව අනර්ථයක් සිදුකළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිනී විජේබණ්ඩාර මහත්මිය අද (23) නියෝග කළාය. 23 November 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026