ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ. ජයකොඩි
හිසේ කැක්කුම බව කියමින් මේසයේ හිස තබාගන නිදා සිටි, වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක දහතුන් හැවිරිදි සිසුවකුගේ බෙල්ලෙන් අල්ලා, හිසට හා කන් දෙකට ගැසූ බව කියන එම පාසලේ චිත්‍ර ගුරුවරයකුට එරෙහිව ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබී ඇත.
ජාතික ළමාරක්‍ෂක අධිකාරිය එම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වේයන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත යොමුකර ඇත.
පහරකෑමට ලක්වූ සිසුවා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සිසුවා මේසය මත හිස තබාගෙන නිදා සිටින අයුරු දුටු චිත්‍ර ගුරුවරයා සිසුවා ළඟට පැමිණ කිසිදු වගවිභාගයකින් තොරව මෙම පහරදීම සිදුකර ඇති බව පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත.
වේයන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේයන්ගොඩ පත්තල ගෙදර ගුරු අභ්‍යාස විද්‍යාලය කිට්ටුව පිහිටි විද්‍යාවට ආලෝකයක් වූ පාසලකත් ඉන්නවා... කුණුහරුප කියන සිසුන්ට නිකරුණේ පහර දෙන චිත්‍රගුරෙක්. මව්පියන් කොච්චර පැමිණිලි කළත් තවමත් ඔහු ඉස්කෝලේ ඉන්නවා....
මහ මෝඩ තකතීරු චිත්‍ර ගුරුවරයෙක් ,චිත්‍ර ගුරුවරයාටත් ඔලුවේ කැක්කුමක් හැදිලා මේසය උඩ ඔලුව තියාගෙන ඉන්නකොට විදුහල්පති තුමාත් ඇවිල්ලා එවැනිම දඬුවමක් ඔහුටත් දුන්නොත් කොහොමට තියෙයිද ?