(නිමන්ති රණසිංහ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේකොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල නමැත්තෙක් අද (26) පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) පැමිණි බවත් පසුව සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස්වැනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට අරගලය පැවැති ඉකුත් වසරේ ජුනි මස 09 වැනිදා ‘ගිනි තැබීමේ සිදුවීම’ සජීවී විකාශයක් වශයෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් මෙම තැනැත්තාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙසට දැනුම් දී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම අනුර කුමාරට පෝස්කාඩ් එකක් දමන්න... වහාම එයාගේ නීතිඥ හමුදාව එවන්න මාව බේරගන්න කියලා. මෑන් දැන්ඉන්නේ ඕස්ට්‍රේලියාවේ....
මාමණ්ඩිගේ කාලේ පුස්තකාල ගිනි තියපුවා බෑණන්ඩිට බලපෑවා වෙන්න බැරිද?
සියලුම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න
දැන් ඉතින් මේ ජඩ අපරාධකාරයාගේ වල්බූරැ නිදහස වෙනුවෙන්, මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන්, භාෂණයේ නිදහස වෙනුවෙන් ඈ නානා ප්‍රකාර අයිතිවාසිකම් වෙනුවෙන් කාඩ්බෝඩ් වීරයන් මෙන්ම කීබෝඩ් වීරයන් කලඑළි බසිනු ඇත. සුනිල් වටගල ප්‍රමුඛ ජේවීපීකාර කලු කෝට්කාරයන්, සාලිය පීරිස් වැනි එන්ජීඕකාර කුලී පෙරකදෝරැවන් බෝඩ් ලෑලි අතට ගන්නවා ඇත.
මේස සිද්දිය සම්බන්දයෙන් දැන් රනිල් සහ එයාගේ ආර්යාව ඇර අනිත් හැමෝමව අත්අඩංගුවට ගන්න්න විදිහක් තමයි පෙනෙන්න තියෙන්නේ
දැන් හිතට භයක් එනවා නේද? භය වෙන්නඑපා අනුරගේ නීතිඥ යෝ ඉන්නවා නොමිලේ සේවයට.