(අංජුල මහික වීරරත්න)

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පාර්ලිමේන්තු විවාදය සඳහා අවශ්‍ය නම් දින දෙකක් වුව ද ලබාදීමට හැකියාව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ට අදාළ යෝජනාව විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව ලබන 1 වැනි දා රැස්වීමට නියමිතව ඇති අතර ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දී ඇත්තේ අවශ්‍ය නම් දෙදිනක් වුවද විවාදය පැවැත්වීමට අවස්ථාව දිය හැකි බවයි.

විවාදයෙන් අනතුරුව අදාළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් ද පැවැත්වෙයි.මෙම හදිසි පාර්ලිමේන්තු රැස්වීම හේතුවෙන් මෙම සතියේ කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.