(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්. ජයසිංහ)
ගුරුවරුන්ට පාසලේ තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
මුදල් අය නොකර යහපත් චේතනාවෙන් යුතුව තමන්ගෙන් පාසලේ දී ඉගෙන ගන්නා සිසුන්ට අමතර පන්තිවල ඉගැන්වීමට බාධාවක් නොවන බව ද එම චක්‍රලේඛයේ සඳහන්වේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
වඩාත් සාධාරණ පාසල් අධ්‍යාපනයක් මධ්‍යම පළාත තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ද එහි සඳහන් කර ඇත.
මේ අතර චක්‍රලේඛය උල්ලංඝනය කරමින් කටයුතු කරන ගුරවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව ද ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සලකා බලා ස්ථාන වැටලීම් කරන බව ද මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් යූ.බී. හේරත් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම් කරනවා නම් සියලුම අයට ට්යුෂන් තහනම් කරන්න. එවිට මධ්‍යම පළාතේ ටියුෂන් නැහැ එච්චරයි. මේක ගුරුවරු උගන්නන එක අයින් කරලා වෙන අයට උගන්නන්නන අවස්ථාව දීලා . හරියට දොස්තරලාට බෙහෙත් දෙන්න තහනම් කරලා වෙන අයට දෙන්න කිව්වා වාගේ. ගුරුවරු ඕවට පෙළඹෙන්නේ වැටුප් මදි හින්දා කියලා දන්නේ නැති මෝඩයො. අතීසාරයට අමුඩ ගහනවා.
ඉතාම වටිනා තීරණයක්.
ඉතාම බුද්ධිමත් කාලීන වූත් සාධාරණ වූත් එම පියවර අපේ උපහාර පූර්වක ප්‍රණාමය .....
ඉතාම යහපත් යෝජනාවක්, රටේ සාරධර්ම නැතිවීමට මේක හේතුවක් උනා, ටියුෂන් එකයි පාසලයි කවලමේ සමහරු උගන්වනව, අනෙකුත් පලාත්වලත් වහාම ක්‍රියාත්මක කරල හරියට වෙනවද කියල බලන්න, දෙමව්පියන් විශාල සහනයක්,
අපේ පාසලේ හිටපු පත්මාවතී ටීචර් පංතියේ දොස්තරලා ඉංජිනේරුවන් වගේ අයගේ දරුවො නැහැ කියලා සති දෙකක් පාසල් ඒමත් වර්ජනය කලා ඒ කාලයේ ආණ්ඩුව ඔවුන්ගේ නිසා විදුහල්පති එහි සංවිධායක කෙනෙක් නිසා ඇයට පස්සෙ අවශ්‍ය ආකාරයට හදල දුන්නා එතුමිය හැමදාම අපිට හවස පංතියට එන්න කියලා බලකලා ආවෙ නැත්නම් ඉතින් එයාට පංතියේ ඉන්න ලැබෙන්නේ නැහැ බලු කතා අහන්න තමයි වෙන්නෙ ඒවාට විදුහල්පති උදව් කලා මිස අවවාදයක් වත් කලේ නැහැ කොහොම හරි දැන් දෙන්නම විශ්‍රාමිකයි මෙහෙම දේවල් වලක්වන්න කටයුතු කල ආණ්ඩුකාරතුමාට අපේ ස්තුතිය පිරිනමමු
මෙම නීතිය බස්නාහිර පළාතට අවශ්‍යයි. වැඩිම ගුරුවරු අමතර පන්ති දාන්නෙ බස්නාහිර පලාත තුල
මේක බොරුවක් හැමතැනම පන්ති
ඉතාම හොද තීරණයක්. මුලු දිවයිනටම මෙම නීතිය ගෙන ඒමට කටයුතු කරන්න. මෑත ඉතිහාසයේ ගත් විශිෂ්ඨතම තීරණය.
වෛද්‍ය අංශයේ රැකියාවල් කරන අයට ඒකට බාදාවක් නැත්නම්. ගුරුවරු ටත් ඉඩදිය යුතුය.
ඉතාම හොඳ පියවරක් ලෙස පෙන්වා දෙමි. සතියේ දිනවල උදේ වරුවේ එනම් පාසල් කාලය තුළ උපකාරක පන්ති පැවැත්වීම ද තහනම් කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා. තවද පාසල් ගුරුවරුන්ගේ ඉගැන්වීම් කටයුතු පිළිබඳව දිනපතා අධීක්ෂණය කිරීම සඳහා ද ක්‍රමවේදයක් සංකස් කර දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නංවන ගුරුවරුන්ට සැලකිය යුතු දිරි දීමනා ලබාදීම කළයුතුයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර තුමාට හා අධ්‍යාපන ලේකම් තුමාට අපගේ ආචාර්ය.
ඇත්ත වශයෙන්ම අගය කළ යුතු වැඩක්. මෙය එක පළාතකට පමණක් සීමා නොවී මුළු ලංකාවටම මෙම නීතිය ක්‍රියාත්මක වෙනවානම් හොදයි
හොඳයි
මේ චක්‍රලේඛය සියලුම පළාත්වල ක්‍රියාත්මක විය යුතුයි.
ඇති යන්තම් එක මනුස්සයෙක් ට හරි සුදුසු දෙයක් කරන්න උවමනාවක් තිබුනා .ඉතාම හොඳ වැඩක් .අධ්‍යාපන ඇමතියෙක් ඉන්නවා .මිනිහට මේවා පෙන්නේ නැහැ
දෙල්කඳ පොලේදි ඔහොම දෙයක් මතක් කරන්න කවුරුත් නැද්ද දන්නෙ නෑ
කවුද පඩි ඇතිය කියන්නෙ ලක්ෂ ගනන් ලැබුනත් මදි තව ඕන කියන්නෙ