(යොහාන් භාසුර සහ ෂේන් සෙනෙවිරත්න)
‘මහාවංශය’ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට ‘යුනෙස්කෝ’ සංවිධානය පියවර ගෙන තිබේ.
ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්‍රමිකව ඉදිරිපත් කරන ලොව දිගම අඛණ්ඩ ඓතිහාසික වාර්තාවලින් සමන්විත ‘මහාවංශය’ යුනෙස්කෝ සංවිධානය මෙම වසරේ (2023) ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව ලේඛන උරුම 64 ට ඇතුළත් කර ඇත.
”ලෝකයේ දිගම නොකැඩූ ඓතිහාසික වාර්තාවලින් එකක් වන මහාවංශය, පරිණත ඉතිහාස සම්ප්‍රදායක් ආරම්භ කරමින්, ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්‍රමිකව ඉදිරිපත් කරමින්, දකුණු ආසියාවේ එවැනි ආකාරයේ පළමුවැනි ඉතිහාස වාර්තාව බවට පත්ව තිබේ” යැයි ‘යුනෙස්කෝ’ සංවිධානය පවසයි.
“ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කළ පුරාවිද්‍යා පර්යේෂණවලින් සොයාත් ලේඛනයේ දක්වා ඇති කරුණුවල ‘මහාවංශයේ’ කරුණුවල සත්‍යතාව තහවුරු වී තිබේ. එය බුදුන් වහන්සේගේ ජීවමාන කාලය, අශෝක අධිරාජ්‍යයා සහ ලෝක ආගමක් ලෙස බුද්ධාගම නැගීම පිළිබඳ වැඳගත් තොරතුරු ඇතුළත් දකුණු ආසියාවට අති විශේෂ ඓතිහාසික මූලාශ්‍රයකි. මෙම ලේඛනය අග්නිදිග ආසියාවේ බුද්ධාගම ප්‍රචලිත කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කළ අතර ඉන්දියානු ඉතිහාසයේ අශෝක අධිරාජ්‍යයාගේ අනන්‍යතාවය ද පැහැදිළිව සඳහන්ව තිබේ” යැයි එම සංවිධානය වැඩි දුරටත් කියයි.
රටවල් කිහිපයක මහාවංශයේ අත්පිටපත් කීපයක් තිබීම මෙන්ම අග්නිදිග ආසියාතික සහ යුරෝපීය භාෂා කිහිපයකට පරිවර්තනය කිරීමෙන් එහි අතිවිශාල ඓතිහාසික, සංස්කෘතික, වචනාර්ථ, භාෂාමය සහ ශාස්ත්‍රීය වටිනාකම්වලට සාක්ෂි දරන බව ද යුනෙස්කෝ සංවිධානය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අපිට නම් මහා කරුමයක් ...
ඒක හොඳයි . අපේ සිංහල ජනතාව මෙන්ම අනෙකුත් ජාතිනුත් මහා වංශය කයවිය යුතුයි . මවාගත් බොහෝ ප්‍රශ්න වලට විසඳුම් එහි ඇත. NGO වලට ඕනෑ ලෙස මහාවංශය පෙළපොතින්ද ඉවත්කර මිනී අලු ගැනයි ඇටකටු ගැනයිනෙ දැන් උගන්වන්නෙ . ඉතින් ළමයිනට ඉතිහාසය කියන පාඩම එපා වෙලා.
ඔන්න දැන් කට්ටියකගේ අහවල් තැන ඉත්තෑවෝ දුවන්න පටන් ගන්නවා. සුමන්තිරන්, විග්නේශ්වරන් වැනි දෙමළ ජාතිවාදීන්ගේ සිට සමාජ මාධ්‍යයේ තප්පුලන සිංහල බොදු විරෝධී ගව රෑන දක්වා පරාසයක විහිදුනු පිරිමි සහ ගැහැණු පරාන ඒ අතර වනවා.
මහාවංශය ලෝක උරුමයක් වීම අප ලැබූ භාග්‍යයක්. එය එසේ වුවත් අපගේ ඇතැම් දෙනා අපගේ දේට අගෞරව කරන තත්වයක් පෙනෙන්නට තිබෙනවා.Old is gold යනුවෙන් කියමනක් තියෙනවා.ඕනෑම දෙයක් මතුපිටින් බලා රටේ ලෝකයේ තිබෙන රැල්ලට අපේ පැරණි වටිනා දේට කිසිදු පර්යේෂණ දැනීමකින් තොරව ගරහනවා.ඒත් විදේශීය විද්වතුන් නිතරම ඉන්නේ දැනීම් පිපාසයෙන්.අපේ සමහර දෙනා එක් ක්ෂේත්‍රයක ප්‍රථම උපාධියක් ගත් පමණින් ඔලුව උදුම්මා ගන්නවා. මාතර පැත්තේ පෞද්ගලික පන්ති ගුරුවරයෙකු වන උඩඟු ඉංජිනේරුවෙකු තම සිසුන්ට කියා තිබුණේ විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්වීම කලා අංශයේ බී ඒ උපාධියට සමාන බවයි.මෙන්න මේ රටේ ඇතැම් උගත් අයගේ මානසික මට්ටම. සිසු සිසුවියන් කී දෙනෙකු මේ වැරදි මතය සිතේ තැන්පත් කර ගන්නට ඇතිද ? ඒ අතින් බලනා විට විදෙස් බුද්ධිමතුන් අපගේ පැරණි සංස්කෘතික දෙයට සිදුකොට ඇත්තේ ගෞරවයක් නේද ?
කොයි " මහාවංශය" ද ? දැන් සමහරු පැරණි මහාවංශයට අලුත් අර්ථ කථන දෙමින් අලුතෙන් ලියල ප්‍රසිද්ධ කර තියෙනවා දැකල නැද්ද ?
මහා වංශය කරුමයක් වෙලා තියෙන්නෙ නරුමයන්ට.