
(මහින්ද නිශ්ශංක)
ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙ ගමන් ගත් මගීන් 50 දෙනකු රාගම දුම්රිය ස්ථානයේ දී අද (26) අල්ලා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
දුම්රියෙන් පැමිණ රාගම දුම්රිය ස්ථානයෙන් බැස යාමේ දී ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කිරීමේ ඔවුන් සියලු දෙනා රුපියල් 152025 ක දඩයක් නියම කෙරිණි.
අද උදේ 6 සිට 9 දක්වා පැය තුනක කාලයක් සිදු කළ මෙම විශේෂ ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවකදි ප්‍රවේශ පත්‍ර නොමැතිව සිටි මෙම මගින් අල්ලා ගැනීමට හැකි වූ බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොඳයි... හැබැයි අනිත් හොරුත් අල්ලන්නකෝ ඔහොම...! පොඩි පොඩි ඒවා විතරක් අල්ලන්නේ... මහබැංකුව වගේ ලොකු හොරු තාම නිදැල්ලේ...!