(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අස්වැසුම සහනාධාර නාමලේඛනයේ නම ඇතුළත් වී නැතැයි අභියාචනයක් ඉදිරිපත් වූ සමෘද්ධිලාභී පවුලක තොරතුරු සොයා බැලීමේ දී සැමියා වඩු වැඩපළක් පවත්වාගෙන යන කාර්මිකයකු වන බවටත් බිරිය දිවයිනේ ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක ඉහළ පෙළේ නිලධාරිනියක බවට හෙළිවීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් වාර්තා විය.
මෙම පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ අභියාචනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබූ අතර එහි කිසියම් කරුණක් පැහැදිලි කර ගැනීම සඳහා කාර්යාලයීය නිලධාරියෙක් දුරකතනයෙන් එම නිවස අමතා ඇත.
ඒ අවස්ථාවේ එම පවුලේ දියණිය හෙළි කළ තොරතුරු අනුව මෙම පවුල සහනාධාර ලැබීමට තරම් සුදුසුකම් නොමැති පවුලක් බව අනාවරණය වී ඇතැයි ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
ඒ කෙසේ වෙතත් එම පවුලේ අයදුම් පත්‍රයෙහි එම තොරතුරු කිසිවක් ඇතුළත් කර නොමැති බවත් රැකියා විරහිත බවට සාවද්‍ය තොරතුරු සඳහන් කර ඇතැයි ද මෙහිදී හෙළි වී ඇත.
එවැනි පවුල් පසුබිමක් තිබිය දීත් මෙම පවුල කලක් තිස්සේ සමෘද්ධි සහනාධාරය පවා ලබා ගෙන ඇතැයි ද හෙළිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ළමයින්ගෙන් අහලා සමුර්ධිය කපන්නේ.ඇයි ඔය පළාතේ ඉන්න ග්‍රාම සේවක බූරුවෙක්ද ?සමුර්ධි නිලධාරියා නිදිද ?
හුඟක් හොරට සමෘද්ධිය අරන් තියෙන්නෙ දේශපාලන හෙන්චයියන්ගෙ පවුල්. ගම්පහනං කප්පං අප්‍රසන්නයගෙ හෙන්චයියො.
සමුර්ධිය ගෙවන්නේ රටේ ජනතාවගෙන් අය කරන බදු වලින් ,නියම සුදුස්සා හොයාගන්න බැරි නම් මේවා නවත්වලා දාන එක රටේම ජනතාවට හොඳයි
ග්‍රාම සේවක පට්ටම් දැන් වැඩක් නෑ .පොතුහැර බැවිලගොමුව ග්‍රාම සේවිකාව කිසි වැඩක් කරන් නෑ . මිනිහා GA කියලා.
ග්‍රාම නිලධාරි හා සමෘද්ධි නිලධාරීගේ සේවය අනවශ්‍යයි
මෙම අය ලබා ගත් සමුර්ධි මුදල් අය කර ගන්න අදහසක් නැද්ද?
මේ ගෙවපු හැම සතයක්ම මේ මිනිස්සුන්ගෙන් අය කරගන්න ඕනේ. මේ රට කවදාවත් හදන්න බැරි මේ හිඟන මානසිකත්වය සහ අනුන්ගෙන් යැපෙන මානසිකත්වය නිසයි .. ඇත්තටම සහනාධාර ලැබීය යුතු පවුලක්නම් රු 50000 ක් වුනත් දුන්නට කමක් නැහැ .ඒත් අර ටීවී එකේ විලාප තියෙන අත පය හතර හොඳට තියාගෙන සහනාධාර ඉල්ලන කිසිම කෙනෙකුට එක රුපියලක් දෙන්න එපා.
හොඳට සල්ලි බාගෙ තියෙන, ඉඩකඩම් සහ ව්‍යාපාර වලින් ආදායම් හොදට තියෙන සමහර පවුල් කිසිම ලාජ්ජාවක් හිරිකිතයක් නැතුව දුප්පතාට දෙසහ්නාදාරය බොරු විස්තර දීලා තමා පවුලටත් ලබාගනා.
මේ ප්‍රභන්දයක් නේද?
නිවසට දුරකතන්යනේ අමතා ඇත ,කියලා කීවම නිවසේ දුරකථනය තියනවානම් එයා සමුර්ධිය ලබන්න සුදුස්සෙක් වෙන්නේ කොහොමද කියලා මේ නිලධාරියාට වැටහුනේ නැද්ද ?
ඔක තමයි කියන්නෙ...පවුල රැක්කෙ කියල.
මහ එකාලගෙ හිටං පොඩිම එකා දක්වා වංචාව දූෂණය ඉහ වහා ගිය රටක් මේක. ගොඩදාන්න පුළුවන් කෙනෙක් පේනතෙක් මානෙක නෑ.
බොමථව හසලක