හඟුරන්කෙත පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු විමට උත්සහ කළ විරෝධතාකරුවන් පිරිසක්  විසුරුවා හැරීමට පොලිසිය අහසට වෙඩි තබා ඇත.  කලහකාරීන් 200ක් පමණ පිරිසක් පොලිසියේ ගේට්ටුකඩාගෙන පොලිසිය ඇතුළුවීමට උත්සහ දරූ බව පොලිසිය කියයි.

කාන්තාවන් සහ පිරිමින් 200කට ආසන්න පිරිසක් එහි සිටි අතර පිරිමින් වැඩි පිරිසක් මත්වතුර පානය කර ඇති බවට දර්ශනය වූ බව උසස් නිලධාරියෙක් පැවැසීය.

සැකකරුවක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පාමින් එම පිරිස විරෝධය නිරතව ඇත. කෙසේ වූව ද එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකනර විමර්ශන සම්බන්දයෙන් එම පිරිස දැනුවත්කර තිබියදී කලහාකාරීව හැසිරුණු බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

කලහාකාරීම හැසිරුණු පිරිස යම් විදියයකින් පොලිසියට ඇතුළු වුවහොත් රාකාරි නිරත නිලධාරීන්ගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බවට නිරික්ෂණය වීම නිසා එසේ අහසට වෙඩි තබා ඇත.

කෙසේ වුවද පසුව එම පිරිස පොලිසිය ඉදිරිපිටින් ඉවත්ව මාර්ගයට වී පැයක් පමණ කාලයක් විරෝධයේ නිරතව විසිර ගියහ.