
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්‍ෂකයන් සිටින බවත් මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට ආසන්න කාලයේදී එම පක්‍ෂයේ අපේක්‍ෂකයා නම් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (26) පැවසීය.
ඊළඟ ජනාධිපතිවරණය 2024 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව පැවැත්වීමට නියමිත තිබීම නිසා එයට වසරකට වැඩි කාලයක් පැවතීම හේතුවෙන් අපේක්‍ෂකයකු නම් කිරීමට ඉක්මන් නොවන බව කී කාරියවසම් මහතා එම අවස්ථාවේදී රටට වඩාත් අවශ්‍ය අපේක්‍ෂකයා කවුද කියන තීරණය ගන්නා බව ද සඳහන් කළේය.
ඒ අවස්ථාවේදී ආර්ථික නඟා සිටුවීමයි වඩා වැඳගත් වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉතා දක්‍ෂ අපේක්‍ෂකයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව සිටින බවත් එසේ නැත්නම් ඒ අවස්ථවේදී ආරක්‍ෂාව සහ අනිකුත් කාරණා සම්බන්ධයෙන් නම් ඒ සඳහාත් අපේක්‍ෂකයකු සිටින බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි අපි දන්නේ නැද්ද විරුවෙක් ගෙනැල්ලා කාපු පරිප්පුව... අන්තිමේට අල්ලපු අත්තටයි පයගහපු අත්තටයි දෙකටම කෙළවුණා...
හොරු, කම්බ හොරු, ලෝක හොරු, කයිවාරු කාරයෝ, කටින් බතල හිටුවන අය, වගේ අපේක්ෂකයින්...!
හම්බ්යෝ දෙමල්ලු නැතුව.
ඒක අපි දන්නවා .එච්චරයි තමුසේ ඇත්තක් කීවේ
ඇත්ත ඇත්ත .හොරු නම් හොරු .කප්පම් කාරයෝ නම් කප්පම් කාරයෝ .තක්කඩි නම් තක්කඩි .සහතක ඇත්ත
ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න තමුන්නාන්සේ කිව්වත් නොකිව්වත් අපේක්ෂකයෝ ඕනෑතරම් ඉඳීවි. ජනතාවට අවශ්‍ය නියමිත කාලයට ජනාධිපතිවරණය පවත්වා ගැනීමයි. එහෙම නැතුව බොරු ජනමත විචාරණ එහෙම ගේන්න එපා. අපේක්ෂකයාට පෙර ජනාධිපතිවරණයයි අවශ්‍ය වන්නේ...
අනේ ලේකම්තුමා, මෙච්චර වැටිලත් ඔයා තවම තේරුම්ගෙන නැහැනේ කුමන විධියේ අපේක්ෂකයෙක්ද ඕනෑ කියලා... රටට අවශ්‍ය වන්නේ ඒ ඒ ක්ෂේත්‍රවල දක්ෂයින් උපයෝගී කරගෙන සියල්ල හොඳින් කළමනාකරණය කොට නිවැරැදි තීරණවලට ගොස් ක්‍රියාත්මක කළයුතු අවංක අපේකෂකයෙක් නේද?
බූරුවෝ කියලත් සත්තු ජාතියක් ඉන්න බව දැනගෙන හිටියට කතා කරන්නත් පුළුවන් බව අද තමයි දැනගත්තේ ඕං.. බණ්ඩා
ඔය ඕනෑම අපේක්ෂකයෙක් දාන්න එයාව ඇප නැතිව පරද්දන එක අපි කරන්නම්
මෙයාගේ මොලේ නරක වී ගෙන එනවද එහෙම නැත්නම් පක්ෂය විනාශ කරන්න හදනවද .ගෝටාභය මහතා ඉල්ලා අස් වන විට මෙයින් කෙනෙක් නොදැම්මේ ඇයි ?මොකක්ද අහක හිටිය රනිල් පත් කරන්න හේතුව
සහතික ඇත්ත. එක සැරයක් එකෙක් දාලා රටටම පෙන්නුවේ දක්‍ෂතාව. ආයෙත් ඊට නොදෙවෙනි අපතයෙක් දායි. බත් කන හරක් ටිකක් ඉන්න නිසා උන්ට ඡන්දෙත් දෙයි. පේනවනේ රටට මෙච්චර කෙලවලත් උන්ගෙ රැස්වීමට යන මෝඩ රැලක් තාමත් ඉන්න බව.
ප්‍රශ්නෙකට තිබෙන්නේ අපේක්ෂකයාට ජනතාව චන්දෙ නොදෙන එක
ඕනෙම ජාතියකින් දමන්න උපරිම 15% පමණ චන්ද ගනීවි
කුඩු ජොනී කප්පම්කාරයා ,හොර පෙරකදෝරුවා ,මාල හොරා, ආර්තික ඔස්තාර්ලා ,කුඩු ලන්සා,රටම හොරාකාපු හොර දූෂිතයෝ වගේ නානා ප්‍රකාර අය ඉන්න බවත් දන්නවා.