IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විදුලි සේවකයන්ට පාට් දැමූ ලුතිතන් අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

විදුලිය බිල්පත් නොගෙවූ බව කියන නිවසක විදුලිය විසන්ධි කිරීමට ගිය නිලධාරීන්ට බැණ තර්ජනය කළ බව කියන ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිතන් කර්නල්වරයකු  සැකපිට අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානළුව ශ්‍රී ලංකා යුධ හමුදා කාලතුවක්කු කඳවුරට අනුයුක්තව සේවයකරන ලුතිතන් කර්නල් වරයෙකි.

අදාළ නිවසේ විදුලිය බිල්පත් නොගෙවා තිබීම හේතුවෙන්  දිවුලපිටිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් දිවුලපිටිය  පිහිටි නිවසේ විදුලිය විසන්ධි කිරීමට ගොස් ඇත.

එම පිරිස විදුලිය විසන්ධි කිරීමට සූදානම් වෙද්දී එම නිවසේ හිමිකරු බව කියන ලුතිතන් කර්නල් වරයා විදුලිබල මණ්ඩල සේවකයනට බැනතර්ජනය කිරීමක් සිදුකළ බවට ලද පැමිණිල්ලකට අදාලව එම ලුතිතන් කර්නල්වරයා දිවුලපිටිය පොලිස් ස්ථානය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

 

 



අදහස් (1)

විදුලි සේවකයන්ට පාට් දැමූ ලුතිතන් අත්අඩංගුවට

Bamunuarachchi Monday, 26 June 2023 10:05 PM

හලෝ ඔයාගේ ලුතිනන්කම හමුදාවට පමණයි. අපිට විදුලිබල මණ්ඩලයට ඔහේ නිකන්ම නිකන් සිම්පල් සයිමන් කෙනෙක්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site