(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විදුලිය බිල්පත් නොගෙවූ බව කියන නිවසක විදුලිය විසන්ධි කිරීමට ගිය නිලධාරීන්ට බැණ තර්ජනය කළ බව කියන ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිතන් කර්නල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානළුව ශ්‍රී ලංකා යුධ හමුදා කාලතුවක්කු කඳවුරට අනුයුක්තව සේවයකරන ලුතිතන් කර්නල් වරයෙකි.
අදාළ නිවසේ විදුලිය බිල්පත් නොගෙවා තිබීම හේතුවෙන් දිවුලපිටිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් දිවුලපිටිය පිහිටි නිවසේ විදුලිය විසන්ධි කිරීමට ගොස් ඇත.
එම පිරිස විදුලිය විසන්ධි කිරීමට සූදානම් වෙද්දී එම නිවසේ හිමිකරු බව කියන ලුතිතන් කර්නල් වරයා විදුලිබල මණ්ඩල සේවකයනට බැනතර්ජනය කිරීමක් සිදුකළ බවට ලද පැමිණිල්ලකට අදාලව එම ලුතිතන් කර්නල්වරයා දිවුලපිටිය පොලිස් ස්ථානය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලෝ ඔයාගේ ලුතිනන්කම හමුදාවට පමණයි. අපිට විදුලිබල මණ්ඩලයට ඔහේ නිකන්ම නිකන් සිම්පල් සයිමන් කෙනෙක්...!