(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විමර්ශන ඒකකය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හලාවත වයික්කාල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඊශ්‍රායල් රැකියා ලබාදීම සඳහා පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබිණි.
ඒ අනුව ක්‍රියාත්මක වූ කාර්යාංශ විමර්ශන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වා ඇති අතර ඒ අතරතුර මරදාන පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කාර්යාංශයේ විමර්ශන අංශය වෙත බාරදී තිබේ.
යම් පුද්ගලයකුට හෝ ආයතනයකට විදෙස් රැකියාවක් ලබා ගැනීම සඳහා මුදල් හෝ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා ලබාදීම සඳහා වලංගු බලපත්‍රයක් තිබේදැයි සොයා බලන ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂකයින් ඉල්ලා සිටී.
කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් හෝ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස එම තොරතුරු දැන ගන්නා ලෙස කාර්යාංශය දන්වා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd