(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
විනෝදයට දිය මත පදින යතුරුපැදි (ජෙක්ස්කි) බොල්ගොඩ ගඟේ පදිමින් සිටි මාළු ව්‍යාපාරිකයෙක් බොල්ගොඩ ගඟ හරහා ඇද තිබූ නැව් කඹයක පැටලීමෙන් ගඟට වැටී අතුරුදන්ව ඇතැයි පානදුර උතුර පොලිසිය කියයි.
සිද්ධියෙන් අතුරුදන්ව ඇත්තේ දිග්ගල ශියා මාවත පදිංචිව සිටි හෙශාන් විතානගේ නෙමැති 40 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
අතුරුදන් වූ පුද්ගලයා සතියකට දින හතරක් පමණ ඔහුට අයත් බෝට්ටු දෙක සහ දිය මත පදින යතුරුපැදි දෙක උපයෝගී කරගෙන විනෝදයට මෝටර් බෝට්ටු සහ දිය මත යතුරු පැදි පැදීම පුරුද්දක් කරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අද දිනත් ඔහු සුපුරුදු පරිදි විනෝදයට දිය මත යතුරු පැදි පැදවීමේදී ගොඩබිමේ සිට රස්කින් දූපත වෙත පෙරිට හරහා ගමන් කිරීම සඳහා යොදා තිබෙන නැව් කඹයේ පැටලී වැටී අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
අතුරුදන් වූ ව්‍යාපාරිකයා පැදවූ යතුරු පැදිය ගං ඉවුරේ තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
ව්‍යාපාරිකයාගේ සිරුර සෙවීම සදහා සඳහා පොලිස් එක් කොට්ඨාසයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් කටයුතු කරනු ඇතැයි පොලිසිය කියයි.
පානදුර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හෑල්ලු කරන්නේ. ඔහුගේ විනෝදාංශයේ අඩුපාඩුවක් පෙනෙන්නේ නැහැ. අවාසනාවන්ත මරණයක්.
මේ දිනවල රුහුන පලාතෙ ජීවිතාරක්ශක පුහුනු වැඩමුලුවකුත් පැවැත්වීමට ස0ගමයක් කටයුතු කෙරෙමින් පවතිනව. මේ ආකාරයේ ජීවිතහානි වලක්වාගැනීමට එම පාටමාලාවෙන් දැක්වෙන්නනේද ?
පඩ ශෝ එකෙත් ඉවරයක් තියෙන්න එපෑය