(සිතුම් චතුරංග)

යාපනය , මහනුවර ඒ නවය මාර්ගයේ කොඩිකාමම් ප්‍රදේශයේදී පෞද්ගලික බස්රථයක් වෑන්රථයක ගැටී පෙරළීයාමෙන් පුද්ගලයින් 11 දෙනකු තුවාල ලබා චාවකච්චේරි රෝහල වෙත ඇතුලත් කොට ඇතැයි කොඩිකාමම් පොලිසිය කියයි.

යාපනය සිට කොඩිකාමම් දක්වා ධාවනයවූ පෞද්ගලික බස්රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි වෑන් රථයක ගැටී ඇති අතර අනතුරත් සමඟ බස්රථය මාර්ගය හරහා පෙරලීගොස් ඇති බව සඳහන් කළේය.

අනතුරින් තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් දෙදෙනකුද සිටින බවත් තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල නොවන බවත් පොලිසිය පැවසීය.