(අංජුල මහික වීරරත්න)

රටෙි ඩ්‍රයිවින් සීට් එකේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ බැවින් කිසිම කෙනකුට අසාධාරණයක්  වන්නට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

රජයේ අස්වැසුම සහනාධාරය සඳහා සුදුසුකම් ලැබූ සියලුම දෙනාට අදාල සහන හිමිවෙන බව කී අබේවර්ධන මහතා ඇතැමුන් අස්වැසුම ගැන වැරදි ප්‍රචාර සමාජගත කර තිබෙන බව කීය.

එක්සත් ජාතික පක්ෂයේ කරන්දෙනිය හා අම්බලන්ගොඩ බල මණ්ඩල රැස්වීම් අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

එක්සත් ජාතික පක්ෂය වැටුනේ ජනසවිය වැඩසටහන නිසා බව කී වජිර අබේවර්ධන මහතා ජනසවිය නොලැබුණු පිරිස් එක්සත් ජාතික පක්ෂයට වෛර කළ බව ද ඊළඟ මැතිවරණයේදී ඔවුන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්කළ බවද සඳහන් කළේය.

දුප්පතාගෙ හිතවතා විය යුත්තේ පොහොසතෙක් බවද දුප්පත් අයට ඉදිරියට යන්නට හැකියාව ලැබෙන්නේ එසේ වුවහොත් පමණක් බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.