(විමුක්ති සංජය ‌පෙරේරා)

රිදීමාලියද්ද දීරියගම කිරිහිලිවැල්ල ප්‍රදේශයේ 36 හැවිරිදි පුද්ගලයෙකු සිය බිරිද සහ අවුරුදු දෙක හමාරක දරුවාද  රැගෙන යතුරුපැදියෙන් ගමන් කරමින සිටියදී යතුරුැදිය පෙරැලි සිදු වූ අනතුරින් දරුවා මිය ගොස් ඇතැයි රිදීමාලියද්ද පොලීසිය කියයි.

 මරණයට පත්ව ඇත්තේ කිනිහිරිවැල්ල ,දීරියගම යල්වෙල පදිංචි අසාන් සන්දිප නම් අවුරුදු දෙකහමාරක කුඩා දරුවෙකි.

යතුරු පැදියෙන් කුඹුරට යන අවස්ථාවේදි දෙමෝදර වැවේ  ඇල බන්ට් ඒකට  ආසන්නයේ බෑවුම් ප්‍රදේශයකදි යතුරු පැදිය පාරෙන් ඉවතට පැන අනතුරට මෙම අතුර සිදුව ඇත.

යතුරුපැදියේ ටැංකියේ හිඳුවාගෙන ගොස් ඇති  අවුරුදු දෙක හමාරක දරුවා අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියෙන් විසිවි ගොස්ඒ හේතුවෙන් බරපතල තුවාල ලබා  ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

දරුවාගේ පියා සහ මව තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පවසයි .