(දයානන්ද අධිකාරි)

මංගලගම  27 කණුව ප්‍රදේශයේදී අද උදේ 7.30ට පමණ වන අලියකු පහරදීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි මංගලගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ඩී එම් ඉන්ද්‍රාවතී (අවුරුදු 50 )නැමැති මංගලගම 26කණුව ලිපිනයේ පදිංචි සිව්දරු මවකි.

කජු වගා කර ඇති වත්තෙ දිනපතා කජු ඇහිදීම මේ දිනවල ඇය විසින් සිදු කරයි.

ඇය තම වත්තෙ කජු එකතු කිරීමට ගොස් ඇති අතර වන අලියකු සිටින බව දැනගත් පසු ඇය ජීවිතය බේරා ගැනීම සඳහා දිව ගියද අලියා පහරදී මරා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි විය.

ඇය විසින් කජු ඇහිඳීම සඳහා භාවිතා කළ බකට් එකක් පාවහන් යුගල හා ජංගම දුරකථනය තැන් තැන් වල වැටී තිබුණු අයුරු දක්නට ලැබුණි.