
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ඉදිරිපිටදී ඊයේ (24) රෑ සිදුවූ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මරු මුවට පත්වී ඇත්තේ බළපිටිය රන්දොඹේ පදිංචි උජිත්සිරි ද සොයිසා නමැති 58 හැවිරිදි තිදරු පියකු බවද පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තා අම්බලන්ගොඩ බස් නැවතුම් පොළ තීරෝද රථගාලේ කුලී තීරෝද රථ රියදුරකු බවත් ඔහු සිය තීරෝද රථයෙන් අම්බලන්ගොඩ සිට නිවස පිහිටි රන්දොඹේ බලා යමින් සිටියදී මේ වෙඩි පහාරයට ලක්වී ඇති බවත් පොලීසිය කියයි.
නාදුනන වෙඩික්කරුවන් දෙදෙනකු මේ පුද්ගලයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
මිලි මීටර නවයේ උණඩ දැමිය හැකි ගිණි අවියකින් ඔහුට වෙඩි තබා ඇති බවත් ඔහුගේ සිරුරේ තුවාල හතරක් පමණ තිබෙන බවත් පොලීසිය කියයි.
මේ වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය නොවූ බව ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd