(රංජන් කස්තුරි)
මෙරට මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් පහක් රුපියල් කෝටි 600කට අධික බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
එම පැහැර හැර තිබෙන අති විශාල බදු මුදල අයකර ගැනීම සඳහා කඩිනමින් නීති පියවර ගැනීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ද වාර්තා වේ.
මේ පිළිබඳව ‘‘ලංදීපය‘‘ අප විමසුමකදී සුරාබදු දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල් (ආදායම්මෙ හෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම්) සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ අය විය යුතු බදු මුදල්වලින් සියයට 30ක් පමණ පැහැර හැර බදු මුදල්වන අතර තවත් සියයට 60ක් පමණ ප්‍රමාද ගාස්තු බවයි.
මැත්පැන් මිල ඉහළ යාම නිසාම පමණක් සුරාබදු ආදායම අඩු වී ඇතියි නිරීක්ෂනය නොවන අතර මහා පරිමාණ නිෂ්පාදන සමාගම්වලින් නිවැරදිව බදු අයකර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ අංශික අධීක්ෂණ කරක සභාව ද සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
බදු පැහැර හරින සමාගම්වල බලපත්‍ර අහෝසි කරන ලෙසද අංශික කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන එකටත් ටැක්ස්, බොන එකටත් අසීමිත ටැක්ස් .ගෙවන්නම හොඳ නැහැ .බැන්දේ නියම වටිනාකමට වඩා දස ගුණයක් ටැක්ස්
අපිට තමයි ඔක්කොම. අසාධාරණ රටක් මේක
අහිංසක මිනිසුන් ගෙ සල්ලි වලින් ඒක පියවමු.
මහබැංකු හොරෙකුත් ඉන්නවා නේද ඔය ගොඩේ???
ඔය බදු මුදල් විකුණන අවස්ථාවේදීම ආදායම් ඛදු ලෙස හර කිරීම වැදගත්ය