(ඉන්දිකා රාමනායක)
වැලිකඩ බන්ධනාගාරයේ මිනි මැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවෙක් බන්ධනාගාර නිලධාරින්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී අද (25) පෙරවරුවේ බන්ධනාගාරයෙන් පලා ගාස් මරදානේ දුම්රිය ස්ථානයේදී දුම්රියක නැග සිටියදී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සිරකරු අද (25) ඉරුදින පෙ.ව.09.30ට පමණ ආගමික වැඩසටහනක් සදහා ඔහු රඳවා සිටි සිරමැදිරියෙන් පිටතට ගත් අවස්ථාවේ එම ස්ථානයෙන් සුක්ෂම ලෙස මිදී ඔහු විසින්ම සගවාගෙන සිටින ලද බන්ධනාගාර නිළධාරියෙකුගේ නිළ ඇදුමට සමාන ඇදුමකින් සැරසී බන්ධනාගාර නිළධාරීන්ට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් පැන ගොස් ඇති බව බන්ධනාගාරය මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.
මෙම සිරකරුගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතූ බන්ධනාගාර නිළධාරීන් විසින් මෙම සිරකරු ලුහුබැද මරදාන දුම්රිය වෙත ගොස් ඇති අතර සැකකරු එහි නවතා තිබු දුම්රියක නැගී සිටියදි අත්අඩංගුවට ගෙන ගෙන ඇත.
ගම්පහ මහාධිකරණය මගින් 2015.03.06 වන දින මිණිමැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනයට නියමව සිටි සිරකරුවෙක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම සිරකරු පන්නල වැවේකොටුව , ඉහලකොටුවැල්ල ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි පුද්ගලයෙකු බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.
මෙම සිරකරු වැලිකඩ බන්ධනාගාරයේ සිට අධිආරක්ෂිත බූස්ස බන්ධනාගාරය මාරු කිරීමට අවශ්‍ය කටයුතු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බන්ධනාගරයෙන් පැන්න රැදවියා දුම්රියකින් අල්ලයි