
(සුජිත් හේවාජුලිගේ )
අස්වැසුම සහනාධාර වැඩසටහනට ඇතුළත් නොවූ පවුල්වලට සිය දුක්ගැනවිලි ලබන මස 10 දක්වා බාරදීමට හැකියාව පවතින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
අභියාචනා සමෘධි සංවර්ධන නිලධාරින්ට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බාරදීමට හැකි බවද ඔහු සඳහන් කළේය.
එම සහනාධාර පෙර දුන් ප්‍රමාණයටත් වඩා ලබාදීමට බලාපොරොත්තු වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා සැබෑ අඩු ආදායම්ලාභී පවුල් මෙම වැඩසටහනට ඇතුළත් කර ගැනීම සඳහා සියලු දෙනා සමඟ එක්ව කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය.
මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් නිලධාරීන් සියලු දෙනා එක්ව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට කැපවිය යුතු බවත් අඩු ආදායම්ලාභීන් හා විවිධ රෝගවලට ගොදුරු වී ඇති ජනතාව කිසිවකුට මෙම සහනාධාර අහිමි කිරීමට ඉඩ නොතබන බවත් ඔහු පැවසීය.
මේ අතර අස්වැසුම වැඩසටහනින් සැබෑ දුප්පත් විශාල පිරිසක් ඉවත් වී ඇති හැකි පිරිසක් ඇතුළත්ව ඇති බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරු රැසක් කතානායකවරයාට පාර්ලිමේන්තුවේදී පසුගිය 23 වැනිදා පෙන්වා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආධාර ඉල්ලල උද්ඝෝෂණ කරපු කට්ටිය දැක්කම අපිට අපිගැන දුක හිතෙනව. අලි තඩි පත ශරීර කූඩු ස්මාට් පෝන් සමහර අයගේඅත්වල... . හොඳ ඇඳුම් පැලඳුම්... අහේනියක් පේනවද? තව කට්ටියක් දරුවන් වඩාගෙන.... උදර පෝෂණය බැරි තත්වයක දරුවන් හදන්න පුළුවන්ද? වැඩ කරන ජනතාව තලල මිරිකල බදු අරගෙන නිකම්ම ඉන්න කට්ටියකට බෙදල ආණ්ඩුවේ ඡන්ද පදනම හදන ගමනද අස්වැසුම කියන්නේ.... ගමනක අවසානය විය හැකියි.....
බදුගෙවන වැඩ කරන ජනතාවගේ මුදල් දේශපාලන හිතවත්කම මත බෙදන්න ඡන්ද පදනමක් නැති අගමැතිට මොන සදාචාරාත්මක අයිතියද තියෙන්නේ...
අසනිප චුටි බබෙක් ඉන්නවා එත් අපිට නැ