(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදේශ ව්‍යාපෘති වලින් සියයට තුනක් අල්ලස් ගැනීමට 77 වසරේ දී ඇරැඹුණු ක්‍රමය පසුව 5%සහ 10% වශයෙන් වර්ධනය වී දැන් සියයට කීයක් ගන්නවද කියා තමා වත් දන්නේ නැතැයි සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"මේක ඒ පැත්තෙත් මේ පැත්තෙත් බිස්නස් එක ඒ නිසා අල්ලස දිගටම තියෙන දෙයක්" බවද කුමාර වෙල්ගම මහතා කීය.
පිට රටවල් වල පවා මෙවැනි අල්ලස් ගන්නා බවද ඒ රටවල ගන්නේ සියයට තුනක් නමුත් ලංකාවෙි දැන් අල්ලස පටන් ගන්නේ සියයට දහයෙන් බවද කුමාර වෙල්ගම මහතා පැවසීය.
ලොකු හොරකම් අල්ලන්න කියා යහපාලන ආණ්ඩුව පැමිණි අතර විපක්ෂයේ හිටපු ඔක්කොම එකට එකතු වු බවද වෙනම පොලිසියකුත් දමා හිටපු රාජ්‍ය නායකයන් පවා ඊට ගෙන්වා ගත් බව කී වෙල්ගම මහතා අන්තිමට එක්කෙනෙක්වත් ඇල්ලුවෙ නැතැයි ද එය බොරු පුස්සක් බවට පත් වූ බවද සඳහන් කළේය.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගී වෙමින් කුමාර වෙල්ගම මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
3% ගන්න එක කමක් නෑ කියල වගේ නේද කියන්නෙ? රුපියලක් ගත්තත් එක වැරදි නැද්ද?