(රංජන් කස්තුරි)
මෙරට උද්ධමනය මැයි මාසයේදී සියයට 22.1දක්වා පහත වැටී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේන දෙපාර්තමේන්තුව කියයි.
ඉකුත් අප්‍රේල් මාසයේදී මෙරට උද්ධමනය සියයට 33.6ක් ලෙස වාර්තා වී තිබූ අතර ඊට සාපෙක්ෂව මැයි මාසයේදී උද්ධනමය කැපීපෙනෙන ලෙස පහත වැටී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.
අප්‍රේල් මාසයේදි ආහාර කණ්ඩයේ උද්ධමනය සියයට 27.1ක් ලෙස වාර්තා වූ අතර මැයි මාසයේදී එය සියයට 15.8 දක්වා අඩුවී ඇතැයි ද ආහාර නොවන කණ්ඩයේ වාර්ෂික උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 39ක් වූ අතර මැයි මාසයේදී එය සියයට 27.6ක්ව තිබූ බව ද ජනලේඛන හා සංඛ්‍යාෙල්ඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අලුත් මාළු, එළවළු,සීනි කුකුළු මස්,මයිසූර් පරිප්පු, අර්තාපල්, ඉඟරු, සුදු ලූනු ලොකු ලූනු, දෙහි, කරවල, ටින්මාළු මිල මැයි මාසයේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබූ අතර සහල් පලතුරු,කිරිපිටි පොල්,මිරිස්කුඩු, පොල්තෙල්, පාන්, බිත්තර, අමුමිරිස්, වියලි මිරිස්, කහකඩු,කවුපි රතු ලූනු වැනි ද්‍රව්‍යවල මිල මැයි මාසයේදී අඩුවී තිබූ බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු මිල ඉහලට
අනේ ඔව් බයියන්ට නම් දැන් සැප තමයි...!
මස් කිලෝව 1,500/=. ස්තූතියි...!
කවුද මේ ගණන් දන්නේ නැති කෙනා. අපේ රටේ උද්ධමන කරන්න ලෝක බලවතාටවත් බැහැ. ඒක හොඳටම අපිට විශ්වාසයි..
ස්තුතියි රනිල් ජනාධිපතිතුමනි
පහල ගිහින් තියෙනවා රනිල්ගේ කලිසම
මොන රටේද දන්නේ නෑ