(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සඳහා විපක්ෂය ලෙස සංශෝධන 43 ක් ලබා දුන් බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දි වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී පවසීය.

සොරකමට සම්බන්ධ නීති ලිහිල් කරන්නට නොව ජනතා බලාපොරොත්තු තවදුරටත් ඉටුකර  පනත දියුණු කරන්න ඒ සංශෝධන ලබා දුන් බව කී මන්ත්‍රීවරයා ඒ ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට හැකි වේ දැයි නොදන්නා බවද කීය.

පනතේ වගන්ති 163ක් තිබෙන නමුත් හොරකම් කර පිටරට ගෙනගොස් තිබෙන මුදල් නැවත ර⁣ටට ගෙන ඒම ගැන සඳහන් වන්නේ එක වගන්තියක පමණක් බවද වීරක්කොඩි  මහතා සඳහන් කළේය.