(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තබා තුවාල සිදු කිරීම හා මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයකට පොලිස් නිලධාරියකු ලෙස වෙස් ගෙන සහාය දුන් සංවිධානත්මක අපරාධකරුවෙකු සහ ඊට සහය දුන් කාන්තාවන් ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මනික්කුගේ නුරේශ් සුපුන් දයාරත්න නොහොත් හීනටියන මහේෂන් අයගේ සමීපතමයකු බව පොලිසිය කියයි.
සැකකරු හා සැකකාරිය සමග පිස්තෝල ගිනි අවියක් , උන්ඩ යක් , මත්කුඩු ගෑම් 15 රුපියල් 60,000 ක මුදලක් ජංගම දුරකථන දෙකක් පොලිස් බාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්යය බළකා ගොනහෙන කඳුරේ නිලධාරීන්ට ලද තොරතුරු අනුව කටාන හා කුලියාපිටිය ප්‍රදේශවල දී වැටදී සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව ඉකුත් වසරේ ඔක්තෝම්බර් 6 වෙනි දින මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ නිවසකට පොලිස් නිල ඇඳුමින් සැරසීම ඇඳුමෙන් සැරසී වෙඩික්කරුවන් සමග එම නිවසට ගොස් පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීම පසුගිය මස 26 වැනි දින අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීම හා මෙම මස 17 වැනි දින මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශීය යතුරුපැදියකින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට -ටී 56 ගිනි අවි කින් වෙඩි තබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවකු බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd