සොරකමේ ගිය යුවළ කොටුවෙයි කොටදෙනියාව හා කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයන් හි වෙළඳසැල් පාසැල් හා නිවාස රැසක දේපළ සොරා ගැනීමේ යෙදුණු බවට සැක කරන යුවලක්්එසේ සොරාගත් රන් ආභරණ ඇතුළු දේපල තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලිසිය කියයි. 30 April 2023
කුඩු අංජු ගැන ඔත්තුව බිරියගෙන් ප්‍රංශ පොලිසියේ අත්අඩංගුවට පත්ව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතාල නායකයෙක් යැයි කියන සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් ‘රත්මලානේ කුඩු අංජු’ මෙරට ගෙන ඒමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (30) පැවසීය. 30 April 2023
එතෙර බිත්තර මෙතෙර වෙළෙඳ පොළට නෑ ආනයනික කුකුළු බිත්තර සිල්ලර වෙළෙද පොළෙහි අලෙවිය සඳහා තවදුරටත් ඉඩ ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 30 April 2023
ප්‍රසන්න ප්‍රසිද්ධියේ සමාව අයැදී අරගලකරුවන් විසින් ගම්පහ නිට්ටඹුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පුරවැසියකු ලෙස තමන් පොළොන්නරුව ජනතාවගෙන් සමාව අයදින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 30 April 2023
කසිප්පුවලට සිරගත කළ අය ළඟ කුඩු අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේදී කසිප්පු නඩුවකට සිර දඩුවම් නියමවූ රැදවියකු ලග තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතක් සොයාගෙන ඇතැයි අගුණකොලපැලැස්ස පොලිසිය පවසයි. 30 April 2023
කොවිඩ් යළි හිස ඔසවයි:මරණ 2ක් කොරෝනා රෝගය උත්සන්න වීමෙන් දින දෙකක් තුළ පුද්ගලයන් දෙදෙනෙක් මිය ගිය බව කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මිය පැවසුවාය. 30 April 2023
කාලගුණය අනතුරු අඟවයි ඉදිරි දින කිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇද හැළෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 April 2023
ඇඹිලිපිටිය ළමා දැඩි සත්කාර වාට්ටුවට අසාධ්‍යයි ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ ළමාරෝග දැඩි සත්කාර ඒකකයේ උපතින් දුර්වල දරුවන් ට ප්‍රතිකාර කරන ඉන්කියුලේටර් යන්ත්‍ර හතක් මේවනවිට අක්‍රියව ඇති බව ඒම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අමිල ද සිල්වා මහතා පවසයි. 30 April 2023
ගොතටුවේ සහල් ගබඩාවකට සීල් පරිභෝජනයට නුසුදුසු හාල් මෙට්‍රික් ටොන් 1080 ක ප්‍රමාණයක් වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ ගබඩාවක තිබියදී සොයාගැනීමට හැකි වූ බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි. 30 April 2023
මල්ලී යැයි සිතා අයියාට ගහලා මොරගහහේන නාගල කන්ද ප්‍රදේශයේ නිවසකට කඩා වැදී ඇඳක නිදා සිටි පුද්ගලයකුට තියුණු ආයුධයකින් සහ යකඩ පොල්ලකින් පහර දුන් සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. 29 April 2023
ආබාධිත කත මරා පනින්න බැරි වේ මිහින්තලේ දොරමඩලාව ප්‍රදේශයේ නිවසක තනිව සිටි ආබාධ සහිත කාන්තාවක ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 29 April 2023
පොහොට්ටු මන්ත්‍රීන්ගේ බලාපොරොත්තු සුන් වේ යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 29 April 2023
පොහොට්ටු අපෙක්ෂකයා ගැන කෙළ බිඳක් හෙලන්න එපා ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැන්ම ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් එම පක්ෂයේ මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 29 April 2023
පූජකයා මරා රන් ආභරණ කොල්ල කාලා මුලතිව් සිලාවත්තෙයි ප්‍රදේශයේ හින්දු කෝවිලක පූජකවරයකුගේ නිවසකට ඇතුල් වූ කොල්ලකරුවන් පිරිසක් පූජකයා මරා නිවසේ තිබූ රන් පවුම් 15 ක ස්වර්ණාභරණ සහ රුපියල් ලක්ෂයක පමණ මුදලක් කොල්ල කා පලාගොස් ඇතැයිද පොලීසිය පැවසීය. 29 April 2023
පානදුරේ කිඹුලා අල්ලයි පානදුර වෙරළේ සැරිසැරූ අඩි 7 ක් පමණ දිගැති කිඹුලා අද පස්වරුවේ අල්ලා ගැනීමට පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත්ව ඇත. 29 April 2023
පරවියන් සොරගෙන මරා මස් කා අන්තර් ජාලයටත් දාලා අලුත්ගම දර්ගානගරය විනෝදයට ඇති කළ පරෙවියන් සොරකම් කර එම පක්ෂීන් මරා පුළුස්සා ආහාරයට ගෙන සියල්ල ටික්ටොක් වීඩියෝවක් ආකාරයට සකස් කළ තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. 29 April 2023
දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ නිවේදන පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුනකට නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි. 29 April 2023
තෙල් හෙරා කෑවැයි නයිජීරියාවේ සිරගත කළ ලාංකික නැවියන් නිදහස් නයිජීරියාවේ බොරතෙල් මංකොල්ලකෑම පිළිබඳ චෝදනා එල්ලවීම හේතුවෙන් සිරගතකර සිටි නොර්වේජියානු එම් .ටී හිරෝයික් ඉදුන් නෞකාවේ ශ්‍රී ලාංකිකයන් අට දෙනා ඇතුළු නාවිකයන් 26 දෙනා එම චෝදනාවලින් නයිජීරියානු අධිකරණය නිදොස් කොට නිදහස් කර ඇත. 29 April 2023
ගාලු සාහිත්‍ය උළෙල යළි පවත්වන්න ජනපතිගෙන් උපදෙස් වසර කිහිපයක් නොපැවැත්වුණු, ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උළෙලක් වන ගාලු සාහිත්‍ය උළෙල (Galle Literary Festival) සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් යළි උත්කර්ෂවත්ව පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. 29 April 2023
යාළුවා මරා රට පනින්න බැරිවේ අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී එකට කා බී සිය මිතුරාට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන අයෙකු දෙදිනක් සැහවී සිට විදෙස්ගත වීම සඳහා පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 29 April 2023
ඉන්දීය සිනමාව ගැන වැඩමුළුවක් ඉන්දියානු සිනමාව පිළිබඳ වැඩමුළුවක් කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදී. 29 April 2023
ඉතිහාසයට අලුත් පිටුවක් ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා නව ආයතනයක් කඩිනමින් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 April 2023
අනුරාධපුරයට අලුතින් බස් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලැබුන බස්රථ පන්සීය අතුරින් නව බස් රථ 25ක් අනුරාධපුර දිස්ත්‍රික්කය සදහා බේදාදිමේ උත්සවය අද(29)දින අනුරාධපුර විවේකානන්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි ප්‍රවාහන,මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරැණි. 29 April 2023
දරුවන්ට කන්න හොයන්න ගිය මව අකුණට බිලි පල්ලම අඩම්මන වෙල් යායෙදී අකුණු සැර වැදි දෙදරු මවක අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි. 29 April 2023
ෆවුසිට විනය ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යෝජනාවට එම යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ සමගි ජන බලවේගයේ පත් කළ පාර්ලිමේන්තු එච් එම් ෆවුසි මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර ඇත. 29 April 2023
ඉඩම් කොමිසමේ ලිපිගොනු බහිරවයා කාලා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තුළ අස්ථානගතවී ඇති ලිපිගොනු සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් පවත්වන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉඩම් අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය. 29 April 2023
පොලිස්පති පුටුවට ලොකු පොරයක් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භවී ඇත. 29 April 2023
එක්ස්ප්‍රස් පර්ල් අල්ලස සොයන්න තේරීම් සභාවක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. 29 April 2023
මුහුණු ලස්සන කරන කත හොරෙන් විදුලිය අරන් අලුත්ගම නගරයේ කාන්තා රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන කාන්තාවක රූපලාවන්‍ය ගාරයට මාස කිහිපයක් තිස්සේ හොරෙන් විදුලි ගැනීම හේතුවෙන් විදුලි පුද්ගලික සමාගමේ වංචා විමර්ශන ඒකකය අලුත්ගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ . 29 April 2023
අද සවස ගිගුරුම් සහිත තද වැසි අපරභාගයේදී ගිගුරුම් සහිත තද වැසි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපෙක්ෂා කරයි. 29 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026